Saturday, October 24, 2026
HomeNEWSLatest Newsනිරෝධායන කටයුතුවලට එල්ලවන චෝදනාවලට හමුදාපතිගෙන් පිළිතුරු

නිරෝධායන කටයුතුවලට එල්ලවන චෝදනාවලට හමුදාපතිගෙන් පිළිතුරු

නිරෝධායන කටයුතුවලට එල්ලවන චෝදනාවලට හමුදාපතිගෙන් පිළිතුරු

නිරෝධායන මධ්‍යස්ථානවලදී ජනතාවට පීඩාවට පත්වන්නට සිදුවෙන බවට පළවන මතය පිළිබඳව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පිළිතුරු දී තිබේ.

නිරෝධායන මධ්‍යස්ථාන කරා පිරිස් රැගෙන යෑමේදී ඔවුන්ට සූදානම්වීමට පවා ඉඩක් නොලැබෙන අතර නිරෝධායන මධ්‍යස්ථාන තුළදී අමු කරවල කෑමට සිදුවන බවට මතයක් සමාජගතවෙමින් තිබෙන අතර ඒ සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයා මෙලෙස අදහස් පළ කළේය.

දෙරණ අරුණ වැඩසටහනට අද (18) උදෑසන එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී “මේවා ප්‍රායෝගික නැති බොරු. මමත් හොයලා බැලුවා මේ ගැන. අපි ඉස්සෙල්ලාම කරන්නේ හැකි ඉක්මණින් ආශ්‍රිතයන්ට දුරකථනයෙන් කතා කරලා අපි ඔබව ගන්න එනවා කියලා දැනුම්දෙන එක. ඒ වෙලාවේ අපි ඔහුට හෝ ඇයට වෙලාවක් දැනුම් දෙනවා. ඇතැම්විට අපි වෙලාවක් දීලා තියෙද්දිත් එතනට ගියාට පස්සෙ ඔවුන් තවත් පැයකට ආසන්න කාලයක් ගන්නවා ලෑස්ති වෙලා එන්න. එහෙම තත්ත්වයන් තමයි වාර්තා වෙන්නෙ. එහෙම නැතුව තත්පරෙන් ගත්ත කතාවක් නෑ. කොහොම වුණත් අපි මේ අයව ඉතා ඉක්මනින් සමාජයෙන් ගත යුතුව තියෙනවා. මෙච්චර කැපවීමෙන් වැඩ කරන ත්‍රිවිධ හමුදාවටයි මේ ඇඟිල්ල දිගු කරන්නේ. අනික අපි අමු කරවල කන්න දෙනවාද කියලා ඕන කෙනෙකුට පුළුවන් නිරෝධායන මධ්‍යස්ථානවලට කතා කරලා අහන්න. අපිට හැකි හොඳම කෑම වට්ටෝරුවක් තමයි දෙන්නේ. මේවා හොඳට වෙනවට අකමැති අයත් ඉන්නවා නේ.” යනුවෙන් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල උත්සවයකට ප්‍රහාරයක්

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල්‍ය උත්සවයකට, තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ප 7 ක් මරුට; 40 කට තුවාල : විදෙස් මාධ්‍ය.

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසිකත්වය, පෞරාණික වටිනාකම් සහ ආගමික පසුබිම සුරක්ෂිත කරමින් ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය...

සාමකාමීව ජනතාවට රැස්වන්නවත් වත්මන් රජය ඉඩ දෙන්නේ නැහැ- විපක්ෂ නායක සජිත්

රජයට ජන වරම ලැබු‍ණේ මූලික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න වුවත් රජය කරන්නෙම මූලික අයිතිවාසිකම් කඩ කරන එකයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විහාරමහාදේවි උද්‍යානයේ සාමකාමී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img