නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝණය කළ පිරිස 250 ඉක්මවයි
නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 250කට අධික සංඛ්‍යාවක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
ගත වූ පැය 24 තුළ පමණක් පුද්ගලයින් 53 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ඒ අනුව මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 265කි.
එමෙන්ම මෙහිදී වාහන 48ක් ද පොලිස් භාරයට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.






















