Friday, September 4, 2026
HomeNEWSLatest Newsනාගරික සංවර්ධන අධිකාරිය සතුපුරන් කුඹුරු අස්වැද්දීම ඇරඹේ.

නාගරික සංවර්ධන අධිකාරිය සතුපුරන් කුඹුරු අස්වැද්දීම ඇරඹේ.

නාගරික සංවර්ධන අධිකාරිය සතුපුරන් කුඹුරු අස්වැද්දීම ඇරඹේ.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව නාගරික සංවර්ධන අධිකාරිය සතු පුරන් කුඹුරු යළි අස්වැද්දීම වප් මගුල් උත්සවයකින් ඇරඹේ.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ කාබනික පොහොර භාවිතයෙන් දේශීය වී වර්ග සහ එළවළු වර්ග ප්‍රචලිත කිරීමේ අරමුණින් නාගරික සංවර්ධන අධිකාරිය සතු පුරන් කුඹුරු අස්වැද්දීමේ වප් මගුල් උත්සවය අද (20) උදෑසන ආරම්භ විය.

මාදිවෙල බටහිර ප්‍රදේශයේ නාගරික සංවර්ධන අධිකාරිය සතු පුරන් කුඹුරු සහ ඉඩම්වල අනවසරයෙන් පදිංචි පවුල් ඉවත් කර ඔවුන්ට ද නිවාස ලබා දී එම ඉඩම්වල ද මෙම වගා කිරීමේ කටයුතු ආරම්භ කෙරිණ.

පාර්ලිමේන්තු සංකිර්ණය අවට වගාකළ හැකි කුඹුරු අක්කර 460 ක් නාගරික සංවර්ධන අධිකාරිය සතු අතර නාගරික කෘෂි කර්මාන්තයේ පළමු අදියර 2013 වසරේ තලවතුගොඩ, කිඹුලාවල ප්‍රදේශයේදි ආරම්භ කෙරුණේ වර්තමාන ජනාධිපති එවකට රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදිය.

මීට පෙර 2013 වර්ෂයේ දී තලවතුගොඩ, කිඹුලාවල ප්‍රදේශයේ වී වගා කෙරුණු අක්කර 100 ක භූමි භාගයේ වගා කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කෙරුණු අතර ඒ සඳහා යොදා ගත්තේ කාබනික පොහොරයි.

මාදිවෙල ප්‍රදේශයේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම්වල මෙසේ වගා කටයුතු දියත් කළේ මාදිවෙල නැගෙනහිර හා මාදිවෙල බටහිර ගොවි සංවිධානවල නියෝජිතයන් විසිනි.

ඉදිරියේ දී මේ ආකාරයෙන් මිරිහාන හා තලපත්පිටිය ප්‍රදේශවල නාගරික සංවර්ධන අධිකාරියට අයත් පුරන් කුඹුරුවල වී වගා කිරීමට ද අපේක්ෂිතයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර සහ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් එම්.ආර්.ඩබ්ලිව්. ද සොයිසා යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් නාගරික කෘෂි ව්‍යාපෘතිය සහ පාරිසරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මෙම වගා කිරීමේ කටයුතු ආරම්භ කෙරිණ.

නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර සහ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් එම්.ආර්.ඩබ්ලිව්. ද සොයිසා සහ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සාමාන්‍යාධිකාරී එම්.ඒ.එස්. ශ්‍රීමති සේනාධිර යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් මෙම වප් මගුල් උත්සවය පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් එම්.ආර්.ඩබ්ලිව්. ද සොයිසා මහතා සඳහන් කළේ නොවැම්බර් මාසයේ මැද භාගයේ දී මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය අවසන් කර මහජනතාව සතු කරන බවයි. 

තවද “කෘෂිකර්ම සංවර්ධන සහ පරිසරය වැඩිදියුණු කිරිමේ සංකල්පය අනුව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි මාදිවෙල ප්‍රදේශයේ මේ වෙල්යාය, ඇවිදින මංතීරු සහ ක්‍රීඩා භූමි වැනි කාර්යයන් කිහිපයක වැඩ අවසන් කරමින් සිටින අතරතුර මෙම කුඹුරු සකස් කිරීම සහ මංතීරු සකස් කිරිම නාගරික සංවර්ධන අධිකාරිය මඟින් සැලසුම් කළා. නාගරික සංවර්ධන අධිකාරිය විසින් කරන සැලසුම් අනුව ඉදිකිරීමේ කටයුතු ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් ඉටු කරගෙන යනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩ කටයුතු සියල්ලම ජනාධිපතිතුමාට පොරොන්දු වූ පරිදි නොවැම්බර් මාසයේ මැද වන විට සියලුම කටයුතු අවසන් කරනවා.” යනුවෙන් ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අවස්ථාවට සහභාගී වු නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා ප්‍රකාශ කළේ සෞභාග්‍යයේ දැක්ම අනුව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාරව කෘෂි කර්මාන්තය නගා සිටුවීම සහ දේශීය ආර්ථිකය නගා සිටුවිමට මුල් තැන ලබා දෙන බවයි.

“රටේ ජනතාව දේශීය කෘෂි කර්මාන්තය තුළින් තමන්ගේ පුරන් වූ කුඹුරු යල මහ කන්න දෙක වගා කරගන්න බැරි වෙච්ච කුඹූරු මෙතන අක්කර 23 ක් තියෙනවා. මේ කුඹුරු වගා කරගන්න බැරුව මේ ගොවි මහතුන් ඉතාම අසරණ තත්වයක සිටියේ. මේකට නිසි කාණු පද්ධතියක් සකස් කරලා මේ කුඹුරු අක්කර 23 සහ ගොඩ කුඹුරු භෝග වගාව එළවළු සහ අනෙකුත් වගාවන් සඳහා අක්කර 04 කුත් ආදර්ශ ගොවිපළක් හැටියට තමයි නාගරික සංවර්ධන අධිකාරිය විසින් නිර්මාණය කරලා තියෙන්නේ අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව. විශේෂයෙන් ම ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ඒ වගේම ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය යන ආයතනවල සහභාගිත්වයෙන් තමයි අපි කටයුතු කරන්නේ. විශේෂයෙන් මෙතනදී අවධානය යොමු කරන්නේ කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීම සහ ඒ තුළින් රටේ ජනතාවට ඵලදායී නිෂ්පාදනයක් ලබා දීම සහ ගොවියා කාබනික කෘෂි කර්මාන්තයට යොමුකරවීම යන මුල් කරුණු අරමුණු කරගෙනයි. මේක අපේ දෙවෙනි ව්‍යාපෘතිය. පළමුවෙනි ව්‍යාපෘතිය තමයි අපි පටන් ගත්තේ කිඹුලාවල. මේ ව්‍යාපෘතිය අවසන් වූ පසු මෙවැනිම ආකාරයෙන් පුරන් වූ කුඹුරු නැවත අස්වද්දන්න අපි ඉදිරියට වැඩ කරනවා.” යනුවෙන් ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අදාල ඡායාරූප ඊ මේල් කර ඇත.

ඉහත ප්‍රවෘත්තිය සඳහා ඔබ මාධ්‍ය මඟින් ප්‍රචාරයක් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.

පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.අද(04) පෙරවරු 9.00ට...

බය නම් එන්නෙ නෑ.. ඕනෑම ස්වාධීන පරීක්ෂණයකට සූදානම්-නාමල් රාජපක්ෂ

පැහැදිලිවම මම වැරැද්දක් කරලා නැහැ. අපිට වැරදි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ හින්දා අපි ඕනෑම වෙලාවක ස්වාධීන පරීක්ෂණවලට මුහුණදෙන්න අපි සූදානම්.බය නම් අපි එන්නෙ නෑ...

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණ තිබුණි. එහිදී අල්ලස් කොමිසම විසින් ඒ මහතා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img