පොඩි ලැසීගේ මිත්තණියගේ නිවසේ සඟවා තිබී හමුවුණ දේවල්
රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික “පොඩි ලැසීගෙන්” සිදුකළ වැඩිදුර ප්රශ්න කිරීම්වලදී අම්බන්ගොඩ තෙල්වත්ත ප්රදේශයේ ඔහුගේ මිත්තණියගේ නිවසේ සඟවා තිබියදී ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ රිවෝල්වරයක් සොයාගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුවේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ළමාහේවා ඇතුළු නිලධාරීන් පොඩි ලැසීද රැගෙන ගොස් ඊයේ (23) පස්වරුවේ මෙම ආයුධ සොයාගෙන තිබුණි.






















