තවත් ජනාධිපතිවරයෙක් කොවිඩ් වෛරසයට ගොදුරු වෙයි
පෝලන්ත ජනාධිපති ඇන්ද්රෙස් ඩූදා ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වී තිබේ.
එහෙත් ජනාධිපතිවරයා යහපත් සුවයෙන් පසුවන බව පෝලන්ත මාධ්ය වාර්තා පවසයි.
48 හැවිරිදි ඩූදා වෛරසයට ගොදුරු වූ ආකාරය මෙතෙක් අනාවරණය වී නොමැත.
දෙවැනි කොවිඩ් රැල්ලට මුහුණදී සිටින පෝලන්තයෙන් ඊයේ (23) දිනයේදී ආසාදිතයින් 13 600ක් පමණ වාර්තා වී තිබුණි.
පවතින අවදානම සලකා රටට රතු අවදානම් නිවේදන දැනටමත් නිකුත්කර ඇතත් ගබ්සා නීතියක් මූලික කරගත් විරෝධතා රටපුරා පැවැත්වීම හේතුවෙන් ඉදිරියේදී ආසාදිතයින් ගණන තවදුරටත් ඉහළ යාහැකි බව විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙති.






















