Thursday, October 29, 2026
HomeNEWSLatest Newsවිධායක ජනාධිපති ධූරයට විරුද්ධව හඬ නගපු අය වර්තමානයේ එය පිළිගැනීම එ....

විධායක ජනාධිපති ධූරයට විරුද්ධව හඬ නගපු අය වර්තමානයේ එය පිළිගැනීම එ. ජා. ප. ය ලැබූ විශිෂ්ට ජයග්‍රණයක් – හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන

විධායක ජනාධිපති ධූරයට විරුද්ධව හඬ නගපු අය වර්තමානයේ එය  පිළිගැනීම එ. ජා. ප. ය ලැබූ විශිෂ්ට ජයග්‍රණයක් – හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන

වසර 40 කට පෙර විධායක ජනාධිපති ධූරයට විරුද්ධව හඬ නගපු අයවර්තමානයේ එයට පක්ෂව කථා කර, එය නිවැරදියි යන්න පිළිගැනීමඑක්සත් ජාතික පක්ෂය ලැබූ විශිෂ්ට ජයග්‍රණයක් බව හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ 25දා රටේ වත්මන් තත්ත්වය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා,

“විධායක ජනාධිපති ධූරය මේ රටේ ඇති කළේ ශීඝ්‍ර සංවර්ධනයක් ඇති කිරීම සඳහායි. ඒ 1978 ජේ.ආර්.ජයවර්ධන මැතිතුමා විසින් නව ව්‍යවස්ථාවක් රටට හඳුන්වලා දුන්නේ ස්ථාවර ආණ්ඩු පවත්වාගෙන යන්න. ලොකු බලවතුන්ගේ බලපෑම් තිබුණත්, දේශීය බලවතුන්ගේ බලපෑම් තිබුණත්,ජේ.ආර්.ජයවර්ධන මැතිතුමා වසර 12ක් රට ඉදිරියට අරගෙන ගියා. ඒ නිසා රන්දෙනිගල, රන්ටැඹේ, මාදුරුඔය, කොත්මලේ, මහවැලි ව්‍යාපාරය හරහා මහවැලි ගඟ හත් අට පොලකින් හරස් කරලා කුඹුරු අක්කර ලක්ෂ 20 ක් විතර නගුලට යට කරමින් වීවලින් රට ස්වයංපෝෂිත කර, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කර, රට ශීඝ්‍රයෙන් සංවර්ධනය කරා ගෙන ගියා.

පසුකාලීනව විධායක ජනාධිපති ධූරයේ බලතල වැඩියි කියලා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා රට පාලනය කරන කාලේ මහජනතාව අතරත්,දේශපාලන පක්ෂ අතරත් තදින් මතවාදයක් ඇති වුණා. ඒ තමයි විධායක ජනාධිපති ධූරයේ අත්තනෝමතික බලය පාලනය කළ යුතුයි කියලා.  ඒ අනුව 1994 වන විට චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවා කියලා ඇවිල්ලා අවුරුදු 10ක්ම රට පාලනය කළා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මැතිතුමත් ඒ බලතල අඩුකරනවා, අහෝසිකරනවා කියලා ඇවිල්ලා ආපහු වසර 10ක්ම රට පාලනය කළා.  

විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතුයි කියලා අද ඉන්න පාලකයෝ එදා කෑ ගැහුවා.

දැන් ඒ අතරේ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සියලු දෙනා කෑ ගැහුවා විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතුයි කියලා. දැන් ඒ වෙලාවෙ තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයව අපි ඉදිරියට අරගෙන විධායක ජනාධිපති ධූරය දුන්නා. එවිට එතුමා කිව්වා මම තුන් මාසයකින් ඒක අහෝසි කරනවා කියලා. කොහොමහරි එහෙම බලයට ආපු විධායක ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂය මුල්වෙලා, අනිත් දේශපාලන පක්ෂ සමග එකතුවෙලා ජනමත විචාරණයකින් තොරව වෙනස් කළ යුතු වගන්ති වෙනස් කර විධායක ජනාධිපතිධූරයේ සතු බලතල පාර්ලිමේන්තුවට, ව්‍යවස්ථාදායක සභාවට පවරා ඊළඟ පියවර තියන්න නියමිතව තිබුණා. දැන් එවැනි ඊළඟ පියවරක් තියන්න නියමිතව තියෙන වෙලාවක තමයි නැවත වර්තමාන ජනාධිපතිතුමා බලයට පත්වෙන්නේ. 

මට මතකයි එක්සත් ජාතික පක්ෂය කෘත්‍යාධිකාරී මණ්ඩලය සාමාජිකයන්ගේ නමින් විමසුවා විධායක ජනාධිපතිධූරය අහෝසි කළ යුතුද?තබා ගත යුතුද? කියලා. මට මතකයි අපේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අපි දෙන්නෙක් හැර අනෙක් සියලු දෙනා කිව්වා විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතුයි කියලා. එය තියෙන්න ඕන කියලා කිව්වේ වී.ජ.මු. ලොකුබණ්ඩාරයි මමයි පමණයි. රටක ජනාධිපතිවරයා තෝරා පත් කරගන්නා විට මුළු මහත් රටේ ජනතාවට ඔහු ඊළඟ අවුරුදු 05 සංවර්ධනය කරනවයි කියලා ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරනවා. ඒ ප්‍රතිපත්තිය මහජනතාව අනුමත කළාම,ඒ ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවන්නත් ඒ විධායකයට පුළුවන්කම තිබිය යුතුයි.

19 වන සංශෝධනය ගෙනාවේ පොදු  ජනතාවගේ ප්‍රාර්ථනයක් අනුවයි.

ඒ නිසා තමයි 19 වන සංශෝධනය අපි අරගෙන ආවා. ඒ අරගෙන ආපු 19හොඳ කාරණා වගේම නරක ප්‍රතිඵලත් ගොඩක් තිබුණා. වෙනදා කැබිනට් මණ්ඩලයේ 50 – 60 ඉන්න විට 30 කට සිමා කළා. ජාතික ආණ්ඩුවක් නම් ඒත් සීමා කළා. එතකොට එවැනි හොඳ දේවලුත් තිබුණා. 

නමුත් මෙයින් එක්සත් ජාතික පක්ෂයට බරපතල හානියක් සිද්ධ වුණා. ඒ හානිය තමයි එක්සත් ජාතික පක්ෂය ගම් මට්ටමින් අවුරුදු 20 ක්, 25 ක් බලය නැතිව දේශපාලන පළිගැනීම්වලට ලක්වුණු සියලු දෙනාගේ අයිතිවාසිකම් දිනාගන්න බැරි වුණා මේ 19 නිසා. ඒ අහිංසක මිනිසුන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම අනතුරට පත්වුණා. ඒ අය පක්ෂයට වෛර කළා. ඒ අය පක්ෂයෙන් පළිගන්න තීරණය කළා. දැන් අනාගතයේදී එක්සත් ජාතිකපක්ෂයට ඒ බරපතල අසාධාරණකම් වූ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න පුළුවන් වෙයි.

19 වන සංශෝධනය අපි ගෙනාවේ මේ රටේ සමස්ත ජනතාවගේ අදහස්වලට හිස නමලා, ගරු කරලා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයවිධායක ජනාධිපති ධූරය අහෝසි කරනවයි කියන කථාව සමාජ ප්‍රශ්නයක් වුණ නිසා ඒ අහෝසි කිරීම යම් ප්‍රමාණයකට පියවර තිබ්බා.  

ඇත්තවශයෙන් එක්සත් ජාතික පක්ෂයට වසර 40 කට පසු මහජනතාව ගරු කළ යුතුයි.

එදා ජේ.ආර්.ජයවර්ධන මැතිතුමා අවුරුදු 40 කට කලින් හිතනවා විධායක ජනාධිපති ධූරය තමයි රටේ යහපත සඳහා තිබිය යුත්තේ කියලා. දැන් එදා ඒක ගෙනාවම  අපේ මිනිස්සු කෑ ගැහුවා. බෝගස් යට ඉඳගෙන උපවාස කළා. උසාවි ගියා. නොයෙක් දේවල් කළා. නමුත් අවුරුදු 40 කට පෙරඑක්සත් ජාතික පක්ෂයේ ජේ.ආර්.ජයවර්ධන මැතිතුමා හිතපු විදියට හිටපු එක ගැන අපි පාක්ෂිකයන් විදියට සතුටු වෙන්න ඕන. 

ඒ නිසා දැන් නැවත ජේ.ආර්.ජයවර්ධන මැතිතුමා ගෙනාපු විධායක ජනාධිපති ධූරය හරියි කියලා ක්‍රියා ඔප්පු කරලා තියෙනවා. ඒ වගේම විරුද්ධ පක්ෂයක් ලෙස වර්තමානයේ පාර්ලිමේන්තුවේ ඉන්න කණ්ඩායම් මේ සඳහා විරුද්ධත්වය ප්‍රකාශ කරලා තියෙනවා.  මේ රටේ පාලනය කරන දේශපාලන පක්ෂ, පාලනය නොකරන දේශපාලන පක්ෂ කියලා වර්ග දෙකක් තියෙනවා. පාලනය කරන දේශපාලන පක්ෂ දැනගන්න ඕන තමන් ජනතාවට යමක් කිව්වම ඒක ඉෂ්ඨ කරන්න බැඳී සිටින බව. පාලනය නොකරන දේශපාලන පක්ෂ අවි ආයුධවලින් කරපුවා පෑනෙන් කරන්න පුළුවන්. ඒ තමයි බලය තියෙන දේශපාලන පක්වලට වැඩ කරන්න බැරි තැනට සිරකරුවන් බවට පත් කර ගැනීම. 

එක්සත් ජාතික පක්ෂය විටින් විට සිරකරුවන් බවට පත් වෙලා තියෙනවා. ප්‍රධාන දේශපාලන පක්ෂයක් හැටියට අනාගතයේ සිරකරුවන් ලෙස එක්සත් ජාතික පක්ෂය වැඩ නොකළ යුතුව තිබෙනවා. එහෙනම් මෙයින් ඉගෙන ගත යුතු පාඩම තමයි එක්සත් ජාතික පක්ෂය තනිවම සිටිය යුතුයි කියන එක. කුඩා කුඩා දේශපාලන පක්ෂත් එක්ක නැගිට්ටොත් එක්සත් ජාතික පක්ෂයට අනාගතයක් නැහැ. 

ඒ නිසා මේ 20 සංශෝධනය පිළිබඳ අදහස් පැමිණි දවසේ සිට මෙයසම්මත කරගත්තට කමක් නෑ… ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාටත් මල් වට්ටියක් තියලා සමාව භජනය කළ විට සියලු ප්‍රශ්න අවසන් වන බව මම ප්‍රකාශ කළා. ඒ නිසා දැන් 20 සංශෝධනය සම්මත වෙලා තියෙනවා. 

මේ 20 සංශෝධනය හරහා අනාගතයේ එක්සත් ජාතික පක්ෂයේ මුලික අයිතිවාසිකම් උල්ලංගනය වූ රාජ්‍ය යාන්ත්‍රණයේ අය, පෞද්ගලික යාන්ත්‍රණයේ අය, ගමේ අහිංසක පාක්ෂිකයන් ශක්තිමත් ව්‍යාවස්ථා අවිය භාවිතා කර ඔවුන්ට හොඳ අනාගතයක් හදාගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම එක සතුටක් එක්සත් ජාතික පක්ෂයට තියෙනවා. වසර 40 කට පෙර ඒකට විරුද්ධව කථා කරපු අය එයට පක්ෂව කථා කරලා එය නිවැරදියි කියලා පිළිගැනීම එක්සත් ජාතික පක්ෂය ලැබූ විශිෂ්ට ජයග්‍රණයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

මොන ව්‍යවස්ථා සංශෝධන ගෙනාවත් ඒ කිසිවකට අපි බයවෙන්න ඕන නෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවවත්, විධායක ජනාධිපති ධූරයවත්, අධිකරණයවත්, වෙනත් කිසිම ආයතනයක් වත් සුප්‍රීම් නෑ. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළවෙනි පරිච්ඡේදයේ තුන්වෙනි වගන්තියේ සඳහන් වෙන්නේ ශ්‍රී ලංකා ජනරජයේ පරාමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය. පරාමාධිපත්‍ය අත්හළ නොහැක්කේය. පරාමාධිපත්‍යයට පාලන බලතල මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලයද ඇතුළත් වන්නේය. එසේනම් ජනතාව සුප්‍රීම් නිසා කවුරු කුමන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනාවත් එයින්ජනතාවට ප්‍රයෝජනයක් නොලැබෙනවා නම්, මහජනතාව පාරට බැස්සට පස්සේ සියලු බලවේග එයට යටත් බව අප සියලු දෙනා සිහි තබා ගත යුතුයි. එක්සත් ජාතික පක්ෂයෙන් කඩාගෙන ගිය පිරිස 19 වන සංශෝධනය පාවා දීම ගැන එක්සත් ජාතික පාක්ෂිකයන් ලෙස අප බලවත් කම්පනයටත්,කණගාටුවටත් පත්වන්නෙමු.“ යැයි කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ප්‍රායෝගික බෞද්ධයන් ලෙස සෑම ආගමකම අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා – විපක්ෂ නායක සජිත්

ප්‍රායෝගික බෞද්ධයන් ලෙස අපි සෑම ආගමකම අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කුමන අවස්ථාවකදීවත් සමගි ජන බලවේගය ප්‍රතිපත්ති පාවා නොදෙන බවත්...

විදෙස්ගත ශ්‍රමිකයන්ට රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන ලෙසට ජනපතිගෙන් උපදෙස්

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදීමට කටයුතු කරන්නැයි ජනපතිගෙන් උපදෙස් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක්...

හර්ෂණගේ මරණයෙන් පෙන්නුම් කෙරෙන්නේ රට පොලිස් රාජ්‍යයක් කරා ගමන් කිරීමයි- විපක්ෂ නායක සජිත්

ඉෂාර හර්ෂණගේ මරණය යනු රට පොලිස් රාජ්‍යයක් කරා යන ගමනේ එක් පියවරක්ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි පසුගිය දිනක ඉෂාර හර්ෂණ නැමැති තරුණයා...

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම්

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම් ලබාදෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 850 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය ඊයේ (27) දින ගන්නොරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේදී සිදු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img