PCR යන්ත්රය හෙට යථා තත්ත්වයට පත්කරනවා – චීන තානාපති කාර්යාලය
මුල්ලේරියාව රෝහලේ අකර්මණ්ය පවතින පී.සී.ආර් පරික්ෂණ යන්ත්රය හෙට (02) සිට යථා තත්ත්වයට පත්කළ හැකි බව මෙරට චීන තානාපති කාර්යාලය පවසයි.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එම කාර්යාලය තවදුරටත් පෙන්වා දෙන්නේ මේ වන විට අදාළ යන්ත්රයේ කාර්මික දෝෂය හඳුනාගෙන ඇති බවය.
යන්ත්රයේ ස්වයංක්රීය කොටසේ දෝෂයක් හටගෙන ඇති අතර ප්රධාන යන්ත්රය සාමාන්ය පරිදි ක්රියාකරන බවට හඳුනාගෙන තිබේ.
පරීක්ෂණ වට කිහිපයකින් අනතුරුව අදාළ පී.සී.ආර් යන්ත්රය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් වු බවට සහතික විය හැකි බව ශ්රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.






















