Tuesday, October 27, 2026
HomeNEWSLatest Newsව්‍යාජ ලිපිලේඛන ඉදිරිපත් කර ඉතාලි යෑමට තැත්කළ තරුණයා

ව්‍යාජ ලිපිලේඛන ඉදිරිපත් කර ඉතාලි යෑමට තැත්කළ තරුණයා

ව්‍යාජ ලිපිලේඛන ඉදිරිපත් කර ඉතාලි යෑමට තැත්කළ තරුණයා

ව්‍යාජ ලිපිලේඛන භාවිතා කරමින් ඉතාලියට යාමට උත්සහ කළ ශ්‍රී ලාංකික තරුණයෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ව්‍යාජ නේවාසික ගමන් බලපත්‍රයක් සකස් කරමින් කටාර් රාජ්‍යයේ දෝහා හරහා ඉතාලියට යාමට උත්සහ කළ තරුණයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ගුවන් ප්‍රවේශපත්‍ර ලබාගැනීමේ කවුළුව වෙත පැමිණි එම තරුණයා, ඉතාලියට ඇතුළුවීම සඳහා නිකුත් කර තිබූ නේවාසික වීසා කාඩ්පත පිළිබඳව ඇති වු සැකය මත කටාර් ගුවන් සේවයේ නිලධාරීන්, ඒ පිළිබඳ වැඩිදුරටත් විමර්ශනය කිරීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ තුළ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ නිලධාරීන් වෙත භාර දී තිබේ.

එහිදී එම නිලධාරීන්, තරුණයා ඉදිරිපත් කළ නේවාසික වීසා කාඩ්පත සහ අනෙකුත් ලියකියවිලි තාක්ෂණික පරීක්ෂාවන්ට ලක්කරන අතරතුර, ඔහුගෙන් මේ පිළිබඳව වැඩිදුර ප්‍රශ්න කිරීම් ද සිදුකර ඇත.

එහිදී ඔහු හෙළිකර ඇත්තේ, ඉතාලියේ නේවාසික වීසා කාඩ්පතක් හිමි අයෙකුගේ තොරතුරු යොදා, ඊට තමාගේ ඡායාරූපය පමණක් අදාළ වීසා කාඩ්පත හා ගුවන් ගමන් බලපත්‍රය ද සකස් කර ඇති බවය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරම, වෙල්ලාලකුලම් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.

අත්අඩංගුවට ගත් තරුණයා වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන්තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

" සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය" බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය...

ගල් අඟුරු වංචාවේ සියලු තොරතුරු ලබන 12 වෙනිදා හෙළි කරනවා-පාඨලී

*ගිවිසුමට සම්පුර්ණයෙන්ම පටහැනිව, වාරකන් සමයේ, අමාත්‍යවරයාගේ අවසරයකින් තොරව ගෙන්වූ ගල් අඟුරු නැව් දෙකේ වගකීමක් මට නෑ..වගකීම තියෙන්නේ ලංකා ගල් අඟුරු සමාගමට හා නැව් සංස්ථාවට...

ග්‍රාමීය සංවර්ධනයට රුපියල් මිලියන 180,000ක් – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු ග්‍රාමීය සංවර්ධන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img