Monday, October 26, 2026
HomeNEWSLatest Newsශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වසර හතරයි ජයග්‍රහණ රැසක් හිමිකර ගත් වසර හතරක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වසර හතරයි ජයග්‍රහණ රැසක් හිමිකර ගත් වසර හතරක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වසර හතරයි ජයග්‍රහණ රැසක් හිමිකර ගත් වසර හතරක්

ප්‍රබල දේශපාලන ප්‍රවාහයන් සියල්ල අභියෝගයට ලක් කරමින් මවුබිමට විජයග්‍රහණ රැසක් අත්කර දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2020.11.02 දින සිය අභිමානවත් සිවුවැනි වසර සමරයි. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවා කෙටි කළකින් ලාංකීය දේශපාලන ඉතිහාසයේ වාර්තා රැසක් පිහිටුවමින් මෙරට ජන බලය හිමිකර ගැනීමට සමත්විය. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ රජය වත්මන් ගෝලීය අර්බුදයක්ව ඇති කොවිඩ් වසංගත තත්ත්වයට සාර්ථකව මුහුණ දෙමින්, වඩාත් විධිමත් ලෙසින් වසංගත තත්ත්වය කළමණාකරණය කරමින් සිටියි. මෙම වසංගත තත්ත්වය හමුවේ පක්ෂයේ සිවුවස් සැමරුම වෙනුවෙන් රටපුරා සංවිධානය කළ සියලුම සැමරුම් උත්සව පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත නොපැවැත්වීමට තීරණය කර ඇත. 

රටේත්, ජනතාවගේත් ආරක්ෂාවට මුල් තැන දීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රජයේ ප්‍රමුඛ වගකිමක් ලෙස සලකමින් මෙම තිරණයට එළැඹ තිබේ. 

මෙම අභියෝග සියල්ල හමුවේ වුවද මවුබිමත් ජනතාවත් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රජය කටයුතු කරමින් සිටිනුයේ පෙර පැවැති අකාර්යක්ෂම පාලනය නිසා ඇති වූ ආර්ථික පසුබෑම ද නිවැරදි කර ගනිමිනි. 

ශ්‍රී ලාංකීය දේශපාලන පක්ෂ ප්‍රබල කඳවුරු දෙදරා යද්දි වසර 2015 දි මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයේ උපදෙස් මත, බැසිල් රෝහණ රාජපක්ෂ මහතා පක්ෂය ගොඩනැගීමේ වගකීමට උරදෙනු ලැබීය. මෙම ධෛර්ය සම්පන්න ක්‍රියාවලිය හා එක්වුනු ශක්තිමත් සංවිධාන ජාලය සමඟින් වර්ෂ 2016.11.02 දී මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පිහිටවනු ලැබීය.  

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවා වසරක් ඉක්ම යාමට පෙර 2017 වසරේ ගාලු මුවදොර පිටියේ පැවැති මැයි රැලිය මෙරට දේශපාලන පක්ෂයක් පැවැත්වූ අති දැවැන්තම මැයි රැළිය ලෙස ඉතිහාසයට එක්විය. 

2018 වසරේ දී පළාත් පාලන ආයතන මැතිවරණයට මුහුණ දුන් ලාබාලතම දේශපාලන පක්ෂය වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන ආයතන 239ක බලය තහවුරු කර (70%) ගත්තේය.  2019 වසරේ ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුනෙන් ඉදිරිපත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා හැටනව ලක්ෂයක ජනවරමින් මෙරට හත්වැනි විධායක ජනාධිපතිවරයා බවට තේරී පත්විය. 

පසුගිය මහ මැතිවරණයේදී ලද ජයග්‍රහණ විජයග්‍රහණයක් කරමින් තුනෙන් දෙකක අති විශිෂ්ට බලයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්විය.  

පක්ෂයකට අනුබද්ධ වැඩිම වෘත්තීය සමිති ජාලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුවන අතර පොදුජන ප්‍රගතිශිලි වෘත්තීය සමිති මධ්‍යස්ථානය සමඟ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල වෘත්තීය සමිති 250ට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක වේ. සමාජයේ සෑම ස්ථරයක්ම නියෝජනය කෙරෙන ආකාරයේ අනුබද්ධ සංවිධාන ජාලයක්ද පක්ෂය සතුය.

වසර 4ක් වැනි කෙටිකලක් තුළ ජයග්‍රහණ රැසක් අත්පත් කර ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අරමුණ වී ඇත්තේ ජනතා අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටිමින් ජනතාවාදී වැඩපිළිවෙළක් ඉදිරියට ගෙන යාමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

" සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය" බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය...

ගල් අඟුරු වංචාවේ සියලු තොරතුරු ලබන 12 වෙනිදා හෙළි කරනවා-පාඨලී

*ගිවිසුමට සම්පුර්ණයෙන්ම පටහැනිව, වාරකන් සමයේ, අමාත්‍යවරයාගේ අවසරයකින් තොරව ගෙන්වූ ගල් අඟුරු නැව් දෙකේ වගකීමක් මට නෑ..වගකීම තියෙන්නේ ලංකා ගල් අඟුරු සමාගමට හා නැව් සංස්ථාවට...

ග්‍රාමීය සංවර්ධනයට රුපියල් මිලියන 180,000ක් – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු ග්‍රාමීය සංවර්ධන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img