කොවිඩ් රෝගීන් ප්‍රතිකාර ලබන ස්ථාන
අද (01) දිනය තුළ මේ දක්වා 193 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගත් අතර 506 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
ඊයේ මෙරටින් වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් ගණන 239කි.
ඉන් කොළඹ දිස්ත්‍රික්කයෙන් 86 දෙනෙකු, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 21 දෙනෙකු, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 28 දෙනෙකු, කළුතර දිස්ත්‍රික්කයෙන් 20 දෙනෙකු, වව්නියාව දිස්ත්‍රික්කයෙන් 11 දෙනෙකු, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 10 දෙනෙකු, ගාල්ල දිස්ත්‍රික්කයෙන් සිව්දෙනෙකු වශයෙන් හඳුනාගෙන තිබේ.
සෙසු ආසාදිතයින් 59 දෙනා නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගැනුණි.
කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයින්ගේ දිස්ත්‍රික් ව්‍යාප්තිය සැළකීමේදී 3,245 ක්වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.
කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන සමස්ථ ආසාදිතයින් ගණන 2,008කි.
දිස්ත්‍රික්ක 25 න් 24 කම ආසාදිතයින් වාර්තා වන අතර දැනට ආසාදිතයින් වාර්තා නොවන්නේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් පමණි.
දැනට ආසාදිත තත්ත්වයේ සිටින රෝගීන් වැඩිම ප්‍රමාණයක් ප්‍රතිකාර ලබන්නේ “පූනානි” ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වන අතර එම ගණන 659ක් වේ.
මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ 496ක්, ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ 453ක්, බිංගිරිය ප්‍රතිකාර මධ්‍යස්ථානයේ 431ක්, කන්දකාඩු මධ්‍යස්ථානයේ 362ක්, කොළඹ IDH රෝහලේ 196ක්, කහගොල්ල මධ්‍යස්ථානයේ 184ක්, ඇඹිලිපිටිය මධ්‍යස්ථානයේ 183ක්, කඹුරුගමුව රෝහලේ 146ක්, කාත්තන්කුඩි රෝහල 144ක්, වතුපිටිවල මධ්‍යස්ථානයේ 137ක් වශයෙන් කොවිඩ් රෝගීන් ප්‍රතිකාර ලබයි.
දැනට 5,700 කට වැඩි සක්‍රීය තත්ත්වයේ සිටින රෝගීන් දිවයින පුරා රෝහල් 36 ක සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන 9 ක සිටින බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
මේ අතර, හොරණ ගුරුගොඩ ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ හඳුනාගෙන තිබුණේ එහි සේවකයින් 20 දෙනෙකු යොදාගෙන සිදුකළ අහඹු පීසීආර් පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙසය.
ඒ අනුව එම කම්හලේ තවත් සේවකයින් 170 දෙනෙකුගේ පීසීඅර් පරීක්ෂණ සිදුකර තිබෙන අතර ඉන්ත වත් සේවකයින් 33 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරු විය.
අදාළ කම්හලේ 6000කට ආසන්න පිරිසක් සේවය කරන අතර දැනට එම කර්මාන්තශාලාව තාවකාලිකව වසා දමා තිබේ.






















