Monday, October 26, 2026
HomeNEWSLatest Newsසේවක නවාතැන් සදහා අවශ්‍ය කොවිඩ් ආරක්ෂිත නිර්ණායකයන් ලබා දෙන්න ...

සේවක නවාතැන් සදහා අවශ්‍ය කොවිඩ් ආරක්ෂිත නිර්ණායකයන් ලබා දෙන්න ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජය මොහොට්ටාල

සේවක නවාතැන් සදහා අවශ්‍ය කොවිඩ් ආරක්ෂිත නිර්ණායකයන් ලබා දෙන්න ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජය මොහොට්ටාල

කර්මාන්ත ශාලාවල සේවය කරන සේවක සේවිකාවන් නවාතැන් ගෙන සිටින නේවාසිකාගාර සදහා කොවිඩ් 19 ආරක්ෂිත ක්‍රමවේද ඇතුලත් නිර්ණායකයන් ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටි බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජය මොහොට්ටාල මහතා පවසයි.

මේ වනවිට නිෂ්පාදන ක්‍රියාවලියට එක් වී ඇති කර්මාන්ත ශාලා සියල්ලම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ හා මාර්ගෝපදේශයන් අනුව ක්‍රියාත්මක වේ. ප්‍රවාහනයේදී ද සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරයි. එලෙසම නවාතැන් ගන්නා ස්ථාන ද සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වාගෙන  යාම අත්‍යාවශ්‍ය බව පෙනී යයි. එකම නවාතැන තුල විවිධ ආයතන තූල සේවය කරන පිරිස් නවාතැන් ගැනීම හේතුවෙන් වෛරසය ව්‍යාප්ත වීමේ අවධානය ඉහල යයි.

මෙම කරුණු හා මෙරට ආර්ථික ශක්තියට විශාල පිටුවහලක් ලබා දෙන මෙරට ශ්‍රමබලකායේ ජීවන තත්ත්වය උසස් කිරීමත් අරමුණු කරගනිමින් අදාල නිර්ණායකයන් කඩිනමින් ලබා දෙන තමා ඉල්ලා සිටි බව සංජය මොහොට්ටාල මහතා පවසයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගල් අඟුරු වංචාවේ සියලු තොරතුරු ලබන 12 වෙනිදා හෙළි කරනවා-පාඨලී

*ගිවිසුමට සම්පුර්ණයෙන්ම පටහැනිව, වාරකන් සමයේ, අමාත්‍යවරයාගේ අවසරයකින් තොරව ගෙන්වූ ගල් අඟුරු නැව් දෙකේ වගකීමක් මට නෑ..වගකීම තියෙන්නේ ලංකා ගල් අඟුරු සමාගමට හා නැව් සංස්ථාවට...

ග්‍රාමීය සංවර්ධනයට රුපියල් මිලියන 180,000ක් – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු ග්‍රාමීය සංවර්ධන...

ව්‍යවස්ථාමය ගැටලු පිළිබඳව විපක්ෂ නායක සජිත් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවට කරුණු පැහැදිලි කරයි

යෝජිත ආරක්ෂක නීති සම්බන්ධයෙන් ව්‍යවස්ථාමය ගැටලු පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවට කරුණු පැහැදිලි කරයි මානව හිමිකම් කොමිසම සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත...

2026 වසරේ මුල් මාස 9 තුළ මෙරට සමස්ත අපනයන ආදායම ඇ:ඩො:බි:13.61 දක්වා ළඟා වෙයි

2026 වසරේ මුල් මාස 9 තුළ මෙරට සමස්ත අපනයන ආදායම ඇ:ඩො:බි:13.61 දක්වා ළඟා වී ඇති අතර, එය 2025 වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව (⁣ඇ:ඩො:බි:12.96)...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img