Tuesday, April 28, 2026
HomeNEWSඋණුසුම් වු මැනිං වෙළෙඳපොළ

උණුසුම් වු මැනිං වෙළෙඳපොළ

කොළඹ මැනිං පොදු වෙළඳ සංකීර්ණය අද (09) විවෘත කෙරෙන බවට පෙර කළ දැනුම්දීමකට අනූව එළවළු තොග රැගෙන පිරිස් බොහෝමයක් එහි පැමිණ සිටියේය.

එහෙත් එළවළු තොග භාර ගැනීමට කිසිවෙකු නොමැති වීමෙන් අද අලුයම එහි උණුසුම් තත්ත්වයක් ඇති විය.

කෙසේ වෙතත් එම තත්ත්වය සම්බන්ධයෙන් තව පැය කිහිපයක් තුළ නිසි විසඳුමක් ලැබෙනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා අද උදෑසන “දෙරණ අරුණ“ සමග එක්වෙමින් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා,

“දවස් 10 – 12 ක් විතර කාලයක් කොළඹ දිස්ත්‍රික්කය වැහිලා තිබ්බා. ගම්පහ දිස්ත්‍රික්කය මාසයකට විතර කාලයක් වැහිලා තිබුණා. ඒවා අද අලුතින් පටන් ගන්න දවස. යම් යම් තීරණ අරගෙන තිබුණට පීසීආර් පරීක්ෂණවලින් ආසාදිතයින් බිහිවෙලා තියෙනවා. ඒ නිසා එක පාරටම ඇඳිරිනීතිය ඉවත් කරලා පැය දෙකක් වගේ ගතවෙලා තියෙන්නේ. පැය කිහිපයක් වරුවක් ඇතුළත මේ පිළිබඳ තීරණයක් ගනී. ඉදිරි පැය කිහිපය තුළ සෞඛ්‍ය බලධාරීන් සහ අදාළ බලධාරීන් මේ පිළිබඳ තීරණය කරයි.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...

කතාබහක් දුර දිග ගොස් මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව ඉලවාලෙයි පොලීසිය මගින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ගිනිඅවියක් පෙන්වා සාපරාදී බලහත්කාරය පෑම සහ අයුතු ඇතුළුවීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් සම්බන්ධයෙනි. වැඩබලන...

ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

මහා භාණ්ඩාගාරයේ මංකොල්ලය හෙළිදරව් කර අද (27) වන විට දින පහක් ගතවී ඇති නමුත් මේ සම්බන්ධයෙන් අවම වශයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීමවත් සිදු...

ධවල මන්දිර වෙඩික්කරුගේ ඉලක්කය හෙළිවෙයි

රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් තම ඉලක්කය වූයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සම්බන්ධ නිලධාරීන් වන බව වොෂින්ටන්හි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img