Tuesday, April 28, 2026
HomeNEWSLatest Newsදිවංගත ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමාගේ 53 වැනි ගුණ සමරුවට සමඟාමී පිරිත් දේශනය...

දිවංගත ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමාගේ 53 වැනි ගුණ සමරුවට සමඟාමී පිරිත් දේශනය හා දානමය පිංකමට අග්‍රාමාත්‍යතුමා එක්වෙයි

දිවංගත ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමාගේ 53 වැනි ගුණ සමරුවට සමඟාමී පිරිත් දේශනය හා දානමය පිංකමට අග්‍රාමාත්‍යතුමා එක්වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ පවුලේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් දිවංගත ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමාගේ 53 වෙනි ගුණ සමරුවට සමඟාමීව වීරකැටිය, මැදමුලන නිවසේ දී සෙත් පිරිත් දේශනයක් හා අද 2020.11.07 පෙරවරුවේ දානමය පිංකමක් පැවැත්විණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මැතිණිය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, අග්‍රමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණියගේ සහභාගීත්වයෙන් ඊයේ 2020.11.06 පස්වරුවේ ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමාගේ හා දන්දිනා සමරසිංහ දිසානායක රාජපක්ෂ මැතිණියගේ ස්මාරක වෙත පුෂ්පෝපහාර දැක්වීම සිදු විය.

මෙම අවස්ථාව සඳහා අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමා, චන්ද්‍රා රාජපක්ෂ මැතිණිය, බැසිල් රාජපක්ෂ මැතිතුමා, අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මැතිතුමා ඇතුළු පවුලේ සාමාජිකයෝ එක්ව සිටියහ.

මැද මුලනේ පිහිටි ඩී.ඒ.රාජපක්ෂ මැතිතුමාගේ හා දන්දිනා සමරසිංහ දිසානායක රාජපක්ෂ මැතිණියගේ ස්මාරක වෙත පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව, පැවති පහන් පූජාව සඳහා ද පවුලේ සාමාජිකයින් සියලු දෙනා එක් වූහ.

පිරිත් දේශනය සඳහා හපුගම්පොත පුරාණ මහා විහාරාධිපති මිද්දෙනියේ ඉන්ද්‍රරතන නාහිමි, පල්ලෙ මුලන ගිරුවාසෑය විහාරාධිපති සපුගස් යායේ ධම්මරතන නාහිමි හා හපුගම්පොත අතුල දක්ෂිණාරාම විහාරාධිපති වකමුල්ලේ චන්ද්‍රවිමල නාහිමියන් ප්‍රමුඛ මහා සංඝ රත්නය වැඩම කළ වදාළහ

දානමය පිංකම සඳහා රුහුණේ ඓතිහාසික තිස්සමහාරාම, සඳගිරි උභය රාජමහා විහාරාධිපති, කාවන්තිස්ස පරිවේණාධ්‍යක්ෂ, මාතර කන්දබඩ පත්තුව ඇතුළු මාතර හම්බන්තොට දෙපළාතේ ප්‍රධාන සංඝ නායක, ආචාර්ය දේවාලේගම ධම්මසේන නාහිමි, සද්ධර්ම කීර්ති ශ්‍රී විමලසිරි රුහුණු මාගම්පත්තුව ඇතුළු ගිරුවාගම් දොළොස් දහස් රට ප්‍රධාන අධිකරණ සංඝනායක කසාගල රජමහා විහාරාධිපති පරිවෙණාධිපති තලම් පොරුවේ ඉන්දු සුමන නාහිමියන් හා මාතර හම්බන්තොට දෙපළාතේ සංඝනායක මුල්කිරිගල රාජමහා විහාරාධිපති බෙලිගල්ලේ සරණපාල හිමියන් ප්‍රමුඛ මහා සංඝ රත්නය වැඩම කළ වදාළහ.

කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින්, පවුලේ සාමාජිකයින්ගේ  සහභාගීත්වයෙන් පමණක් මෙම ආගමික වතාවත් පැවැත්විණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...

කතාබහක් දුර දිග ගොස් මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව ඉලවාලෙයි පොලීසිය මගින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ගිනිඅවියක් පෙන්වා සාපරාදී බලහත්කාරය පෑම සහ අයුතු ඇතුළුවීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් සම්බන්ධයෙනි. වැඩබලන...

ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

මහා භාණ්ඩාගාරයේ මංකොල්ලය හෙළිදරව් කර අද (27) වන විට දින පහක් ගතවී ඇති නමුත් මේ සම්බන්ධයෙන් අවම වශයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීමවත් සිදු...

ධවල මන්දිර වෙඩික්කරුගේ ඉලක්කය හෙළිවෙයි

රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් තම ඉලක්කය වූයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සම්බන්ධ නිලධාරීන් වන බව වොෂින්ටන්හි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img