Tuesday, April 28, 2026
HomeNEWSලොක් ඩවුන් කරාම ඒ ප්‍රදේශයට යන්නත් බෑ එන්නත් බෑ -නියෝජ්‍ය පොලිස්පති

ලොක් ඩවුන් කරාම ඒ ප්‍රදේශයට යන්නත් බෑ එන්නත් බෑ -නියෝජ්‍ය පොලිස්පති

ඇඳිරිනීතිය ඉවත් කෙරුණ ද කොළඹ, ගම්පහ,  කළුතර, කුරුණෑගල හා කෑගල්ල යන දිස්ත්‍රික්කවල පොලිස් වසම් කිහිපයක් තවදුරටත් හුදකලා කර ඇත.

ඒ අනුව එම ප්‍රදේශවලින් කිසිවෙකුටත් පිටවීමට හෝ ඇතුළුවීමට නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.

අද (09) උදෑසන දෙරණ අරුණ සමග එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර සිටියේ, දිවයින පුරා පොලිස් වසම් 25ක් මෙලෙස හුදකලා ඇති බවය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා, 

“සෞඛ්‍ය බලධාරීන් විසින් ගත් දත්ත අනුව ලබා ගත්ත තීරණයක්. ලොක් ඩවුන් කරනවා එහෙම නැත්නම් හුදකලා කරනවා කියන එකෙන් අදහස් කරන්නේ ලෝකයේම ඒ ප්‍රදේශයට කාටවත් යන්නත් බෑ. ඒ ප්‍රදේශයෙන් කාටවත් එළියට එන්නත් බෑ කියන එක. මේකෙ දී සමහර කෙනෙක්ගේ වෘත්තීය එහෙම නැත්නම් වෙනත් වෙනත් තත්ත්වයන් සළකා බැලෙන්නේ නෑ. ඒ ප්‍රදේශයට යන්නත් බෑ එන්නත් බෑ මොකද  ඔහු රෝග වාකයෙක් වෙන්න පුළුවන්. පොලිස් වසම් 25ක තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ලංකාවේ පොලිස් වසම් 494ක් තියෙනවා. ඇයි මෙහෙම ක්‍රියාත්මක කරන්නේ. මේ ප්‍රදේශවලින් ආසාදිතයින් බිහිවෙලා තියෙනවා. තවත් බිහිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ ආසාදිතයින්ගෙන් තවත් ප්‍රදේශවලට මෙය ව්‍යාප්ත වීමේ තත්ත්වයක් තියෙනවා. මාර්ග බාධක තියෙනවා. ඒ මාර්ග බාධක හරහා නවත්වන්නේ නැතුව වාහනවලට ගමන් කරන්න පුළුවන්. ඒ වගේම දුම්රිය හා පොදු ප්‍රවාහන සේවාවලට එම ප්‍රදේශවල නවත්වන්නේ නැතුව ගමන් කරන්න පුළුවන්. නමුත් මේකට ව්‍යාතිරේකයක් තියෙන්න ඕනේ. මේ ජනතාවට ආහාර පාන අවශ්‍ය වෙනවා. ජලය හා විදුලිය අවශ්‍ය වෙනවා. සන්නිවේදන කුළුනු පවත්වාගෙන යන්න ඕනේ. මාධ්‍ය ආයතන මේ ප්‍රදේශවල තියෙනවා නම් ඒවා පවත්වාගෙන යන්න ඕනේ. මෙහි ප්‍රධාන නීතිය වන්නේ මේ ප්‍රදේශවලට ඇතුළු වීමට හෝ පිටවීමට නොහැකි බවයි. නමුත් ව්‍යාතිරේකයක් ලෙස මෙම සේවයන් පවත්වාගෙන යෑමට අවසර ලබා දෙන්නේ කෙසේ ද යන්න පිළිබඳ අද දිනය තුළ ප්‍රකාශයට පත්වීමට නියමිතව තිබෙනවා. එම ප්‍රදේශවලට කිසියම් කෙනෙක් යනවා නම් ඒ අය පිළිබඳ ලේඛනයක් අනිවාර්යයෙන්ම දත්ත අවශ්‍ය වෙනවා. එම ප්‍රදේශවලින් කිසියම් කෙනෙක් පිටවෙනවා නම් ඔවුන්ගේ දත්ත පොලීසිය හෝ සෞඛ්‍ය අංශ සතුවිය යුතුයි.“

බස්නාහිර පළාත හා තවත් දිස්ත්‍රික්ක කිහිපයකට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය අද අලුයම 5ට ඉවත් කෙරුණි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, මෝදර, බ්ලුමැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, වෙරළබඩ, ආදුරුප්පු වීදිය, මාළිගාවත්ත, දෙමටගොඩ, වැල්ලම්පිටිය, බොරැල්ල හා කෙසෙල්වත්ත යන පොලිස් බලප්‍රදේශ තවදුරටත් හුදකලා ප්‍රදේශ ලෙස පවතිනු ඇත.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රෙද්ශ වන වත්තල, පෑලියගොඩ, කඩවත, රාගමෙ, මීගමුව, පමුණුව, ජාඇල හා සපුගස්කන්ද හුදකලා කර තිබේ.

කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, ඉංගිරිය, වෑකඩ බටහිර යන වසම් ද හුදකලා ප්‍රදේශ ලෙස නම් කෙරුණි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල නගර සීමාව හා කුලියාපිටිය පොලිස් වසම තවදුරටත් හුදකලා කර තැබෙනු ඇත.

එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල හා රුවන්වැල්ල යන පොලිස් බලප්‍රදේශ ද හුදකලා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...

කතාබහක් දුර දිග ගොස් මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව ඉලවාලෙයි පොලීසිය මගින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ගිනිඅවියක් පෙන්වා සාපරාදී බලහත්කාරය පෑම සහ අයුතු ඇතුළුවීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් සම්බන්ධයෙනි. වැඩබලන...

ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

මහා භාණ්ඩාගාරයේ මංකොල්ලය හෙළිදරව් කර අද (27) වන විට දින පහක් ගතවී ඇති නමුත් මේ සම්බන්ධයෙන් අවම වශයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීමවත් සිදු...

ධවල මන්දිර වෙඩික්කරුගේ ඉලක්කය හෙළිවෙයි

රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් තම ඉලක්කය වූයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සම්බන්ධ නිලධාරීන් වන බව වොෂින්ටන්හි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img