Tuesday, April 28, 2026
HomeNEWSකොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ කටයුතු නැවත ඇරඹේ

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ කටයුතු නැවත ඇරඹේ

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ රාජකාරි කටයුතු අදියර කිහිපයක් යටතේ අද (09) සිට ආරම්භ වේ.

ඒ අනුව අද සිට එහි ජාත්‍යන්තර අධිවේගී තැපෑල, ව්‍යාපාරික තැපෑල සහ දේශීය අධිවේගී කුරියර් සේවා ආරම්භ කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසුවේය.

ලියාපදිංචි ලිපි අංශයේ තේරිම් කටයුතු හෙට (10) සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

එමෙන්ම කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල රජයේ කාර්යාල වෙත ලියාපදිංචි ලිපි බෙදීමේ කටයුතු 11 වනදා සිට ආරම්භ කරන බව ද තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කෙසේවෙතත් සීමිත කාර්ය මණ්ඩලයක් යොදා ගනිමින් සේවා පවත්වාගෙන යාම හේතුවෙන් රාජකාරි කටයුතුවල යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසුවේය.

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ කාර්යය මණ්ඩලය අහඹු පී.සී.ආර් පරීක්ෂණයකට ලක්කිරීමෙන් පසු කොවිඩ් ආසාදිත රෝගීන් තිදෙනෙකු හඳුනාගැනිම හේතුවෙන් පසුගිය 05 වනදා සිට එහි රාජකාරි කටයුතු සම්පූර්ණයෙන් අත්හිටුවා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...

කතාබහක් දුර දිග ගොස් මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව ඉලවාලෙයි පොලීසිය මගින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ගිනිඅවියක් පෙන්වා සාපරාදී බලහත්කාරය පෑම සහ අයුතු ඇතුළුවීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් සම්බන්ධයෙනි. වැඩබලන...

ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

මහා භාණ්ඩාගාරයේ මංකොල්ලය හෙළිදරව් කර අද (27) වන විට දින පහක් ගතවී ඇති නමුත් මේ සම්බන්ධයෙන් අවම වශයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීමවත් සිදු...

ධවල මන්දිර වෙඩික්කරුගේ ඉලක්කය හෙළිවෙයි

රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් තම ඉලක්කය වූයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සම්බන්ධ නිලධාරීන් වන බව වොෂින්ටන්හි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img