Friday, April 17, 2026
HomeNEWSLatest Newsකොවිඩ් වැළඳුණු විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 98ක් මියයයි

කොවිඩ් වැළඳුණු විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 98ක් මියයයි

කොවිඩ් වැළඳුණු විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 98ක් මියයයි

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 98 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

ඔවුන් අතරින් වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මැද පෙරදිග රටවලින් බව විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව සෞදි අරාබියේදී ශ්‍රී ලාංකිකයින් 35 දෙනෙකු මියගොස් ඇති අතර කුවෙට්හි දී 21 දෙනෙකු මියගොස් තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ශ්‍රී ලාංකිකයින් 10 දෙනෙකු ද, කටාර්හිදී 6 දෙනෙකුද , බ්‍රිතාන්‍යයේ දී 5 දෙනෙකු ද මියගොස් ඇති බව විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.

අමෙරිකාවේදී සහ කැනඩාවේදී ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා බැගින්ද , බහරේන්, ජෝර්දාන් , ජර්මනිය සහ ඉතාලිය යන රටවලදී ශ්‍රී ලාංකිකයින් දෙදෙනා බැගින්ද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියගොස් තිබේ.

ඊට අමතරව ඊශ්‍රායලයේදී ද එක් ශ්‍රී ලාංකිකයෙකු කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් මිය ගොස් ඇති බව විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගිනි අවි සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

වරෙන්තුවක් මත නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ 221 ක්, අත්බෝම්බයක් සහ ටී - 56 මැගසින් 2 ක් සමඟ හිටපු පා. ම. චන්දන කත්‍රිආරච්චි කොළඹ...

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...

ඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට...

ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කර ගනී

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img