Friday, October 23, 2026
HomeNEWSCOVID-19මෙරට කොවිඩ් තත්ත්වය

මෙරට කොවිඩ් තත්ත්වය

මෙරට කොවිඩ් තත්ත්වය

ඊයේ (11) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 635ක් හඳුනාගත් අතර, මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 15,350ක් දක්වා ඉහළ ගියේය.

ඊයේ හඳුනාගත් ආසාදිතයින්ගෙන් දස දෙනෙක් විදේශීය රටවල සිට මෙරටට පැමිණි ලාංකීකයන් වේ.

මේ අතර මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 11,857ක් දක්වා ඉහළ ගොස් ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

මේ අතර අද දිනයේ දීත් පාකිස්ථානයේ සිට පුද්ගලයින් 25 දෙනෙක්, දෝහා කටාර් සිට පුද්ගලයින් 31 දෙනෙක් සහ ඕමාන් සිට පුද්ගලයින් 20 දෙනෙක් මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවලින් අද පුද්ගලයින් දෙදෙනෙක් නිවෙස් බලා පිටව යෑමට නියමිතය.

තවත් පුද්ගලයින් 2,690ක් නිරෝධායන මධ්‍යස්ථාන 29ක් තුළ සිටී.

ඊයේ දිනයේ දී පීසීආර් පරීක්ෂණ 10,207ක් සිදුකර ඇති අතර මෙරට සිදුකර ඇති සමස්ථ පරීක්ෂණ ගණන 629,315ක් බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඊයේ දිනය වන විට මෙරට කොවිඩ් මරණ 46ක් වාර්තා වෙන අතර, රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 5,121ක් දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

එංගලන්තය පරාජය කරමින් ශ්‍රී ලංකාවට කඩුළු 02 ක සුපිරි ජයක්

පාකිස්ථාන තුන්කොන් තරගාවලිය. ශ්‍රී ලංකාවට කඩුළු 02 ක සුපිරි ජයක්. (ශ්‍රී ලංකාවේ හොඳම සහ ලොව 02 වන වැඩිම එක්දින ලකුණු හඹා යාම) එංගලන්තය:429/4,ශ්‍රී ලංකාව:430/8 (49.5) එංගලන්තය සමඟ...

විහාර මහාදේවී උද්‍යානයේ රැඳී සිටින භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසට අධිකරණ නියෝගයක්

විහාර මහාදේවී උද්‍යානයේ රැඳී සිටින භික්ෂූන්වහන්සේ ඇතුළු පිරිසට එහි අඛණ්ඩව රැඳී සිටීමෙන් වැළකීම ඇතුළු අධිකරණය ලබාදුන් නියෝගයක් කියවා දීමෙන් පසු, පොලිසිය එම ස්ථානයෙන්...

ජනාධිපති ලේකම් කාර්යාලයේ ‘Vision’ වැඩසටහනට පාසල් හතරකසිසුහු එක් වෙති

ජනාධිපති ලේකම් කාර්යාලයේ ‘Vision’ වැඩසටහනට පාසල් හතරකසිසුහු එක් වෙති පන්ති කාමරයෙන් ඔබ්බට ගිය අධ්‍යාපනික අත්දැකීම් සිසුන්ට ලබා දෙමින්, රටේ ඉතිහාසය, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ රාජ්‍ය පරිපාලන...

බොරු චෝදනා දාලා නඩු දාන අයට මොකද වෙන්නේ කියලා අපි බලාගෙන ඉන්නවා- නාමල් රාජපක්ෂ

අධිකරණයට බොරු තොරතුරු දීලා මේ රටේ අසරණ අහිංසක මිනිස්සුන්ව බොරු චෝදනා දාලා නඩු දාන එකට විරුද්ධව විනිශ්චකාරවරු තීන්දුවක් දුන්නම, ඒ තීන්දුව පැහැර හැරපු පොලිස්පතිවරයාට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img