දීපවාලි උත්සවය සැමරිය යුතු ආකාරය ගැන සෞඛ්‍ය අංශයෙන් උපදෙස්
එළඹෙන 14 වනදාට යෙදෙන දීපවාලි උත්සව දිනය සැමරිය යුතු ආකාරය සම්බන්ධයෙන් හින්දු ආගමික නායකයින් සහ ප්‍රජා නායකයින් දැනුවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
වතුකරයේ ජනතාව සහ හින්දු ප්‍රජාව අතර කොවිඩ් නයින්ටීන් වෛරසපැතිරීම වැළැක්වීම පිළිබදව වැඩි අවධානයක් යොමු කරමින් මෙම දැනුවත් කිරීම සිදුකර ඇති බව එම අමාත්‍යාංශය පැවසුවේය.
ඒ අනුව, පහත සදහන් පරිදි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් සහ උපදෙස් මත සිදුකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය හින්දු ජනතාවගෙන් ඉල්ලා සිටී.
* මෙම දීපවාලී උත්සව සමයේ දී යහපත් හැඟීම් රඳවා තබා ගැනීමටත්, උත්සව සමය තුළ එක් හින්දු භක්තිකයෙකුට වත් වෛරසය ආසාදනය නොවීමට වගබලා ගත යුතුය.
* ජනතාව එක්රැස් නොවී දැනට සිටින ස්ථානවලම රැඳී සිටිය යුතුය. කොළඹ, ගම්පහ, කළුතර වැනි ඉහළ අවදානම් සහිත ප්‍රදේශවලින් ඔබේ ගමේ සිටින ආදරණීයයන්ට ආසාදනය පැතිරවීමෙන් වැළකී සිටිය යුතුය.
* දුර ගමන් නොගොස් නිවසේ රැඳී සිටිමින් දීපවාලී උත්සවය සැමරිය යුතුය.
* පවුලේ සාමාජිකයින්ට, මිතුරන්ට සහ නෑදෑයින්ට දුරකථනයෙන් අමතා සුබ පැතීමට කටයුතු කළ යුතුය.
* කෝවිල්වල, ප්‍රජාවන්හි හෝ වතු ආශ්‍රිතව ආගමික උත්සව නොපැවැත්විය යුතුය.
* කෝවිල්වල, ප්‍රජාවන්හි හෝ වතු ආශ්‍රිතව ආගමික උත්සව නොපැවැත්විය යුතුය.
* වහා ගිනි ඇවිලෙන සුළු ඇල්කොහොල් සහිත දෑත් සනීපාරක්ෂක දියර භාවිත කරමින් ආලෝක ලාම්පු දැල්වීම නොකරන්න. ආගමික කටයුතුවලට පෙර සහ පසු අත් සබන් හා ජලය යොදා සෝදන්න.
* අතට අත දීමෙන් සහ වැළැදගැනීමෙන් තොරව “ආයුබෝවන් / වනක්කම්”යැයි කියමින් හෝ වෙනත් ආකාරයකින් ආචාර කිරීම සුදුසුය.
* මෙම උත්සව සමයේදී මත්පැන් හා දුම්වැටි භාවිත කරමින් සාද නොපැවැත්විය යුතුය.






















