Tuesday, October 27, 2026
HomeNEWSLatest Newsකොවිඩ් ආසාදිත පොලීසියේ සංඛ්‍යාව 1000 ඉක්මවා යයි

කොවිඩ් ආසාදිත පොලීසියේ සංඛ්‍යාව 1000 ඉක්මවා යයි

කොවිඩ් ආසාදිත පොලීසියේ සංඛ්‍යාව 1000 ඉක්මවා යයි

පොලිස් දෙපාර්තමේන්තුව ආශ්‍රිතව හඳුනාගැනුණු කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ද‍හසේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව පොලිස් දෙපාර්තමේන්තුව ආශ්‍රිතව හඳුනාගැනුණු කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 1039 ක් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

මෙම ආසාදිතයින් අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් 238 දෙනෙකු ද වන බව සඳහන් වේ.

මේ අතර මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 20,508 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ දිනයේ අලුතින් හඳුනාගැනුණු ආසාදිතයින් 337දෙනාද සමග ය.

මෙම සියලු ආසාදිතයින්ගෙන් 335 දෙනෙකු මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

සෙසු ආසාදිතයින් දෙදෙනා විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු බව සදහන් වෙයි.

ඒ අනුව මේ වනවිට ආසාදිතයින් 5921 ක් පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි.

සමස්ත ආසාදිතයින්ගෙන් 14,497 දෙනෙකු මේ වනවිට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ඊයේ දිනයේ දී ද ආසාදිතයින් 428 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.

මේ අතර මෙරට විශාලතම කොවිඩ් පොකුර ලෙස සැළකෙන මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 16,978 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

" සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය" බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය...

ගල් අඟුරු වංචාවේ සියලු තොරතුරු ලබන 12 වෙනිදා හෙළි කරනවා-පාඨලී

*ගිවිසුමට සම්පුර්ණයෙන්ම පටහැනිව, වාරකන් සමයේ, අමාත්‍යවරයාගේ අවසරයකින් තොරව ගෙන්වූ ගල් අඟුරු නැව් දෙකේ වගකීමක් මට නෑ..වගකීම තියෙන්නේ ලංකා ගල් අඟුරු සමාගමට හා නැව් සංස්ථාවට...

ග්‍රාමීය සංවර්ධනයට රුපියල් මිලියන 180,000ක් – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු ග්‍රාමීය සංවර්ධන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img