Tuesday, October 27, 2026
HomeNEWSබස්නාහිර ජන ජීවිත අන්ත අසරණ වෙලා.ආණ්ඩුවට හිතක් පපුවක් නැද්ද?

බස්නාහිර ජන ජීවිත අන්ත අසරණ වෙලා.ආණ්ඩුවට හිතක් පපුවක් නැද්ද?

බස්නාහිර ජන ජීවිත අන්ත අසරණ වෙලා.ආණ්ඩුවට හිතක් පපුවක් නැද්ද?

ස්ථාවර නියෝග 27(02) යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අසන ලද ප්‍රශ්නය 

රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දැනට බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයක් හුදකලා කර ඇති අතර, මින් දැනට වැඩිම බලපෑමක් සිදු වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයටය. කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන, මෝදර, මට්ටක්කුලිය, කොටහේන, කොම්පඤ්ඤවීදිය, බ්ලූමැන්ඩල් ඇතුළු ප්‍රදේශ කිහිපයක් හා මහල් නිවාස කිහිපයක් ද හුදකලා කර තිබේ. මීට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව, වත්තල, පෑලියගොඩ, රාගම සහ කැළණිය ඇතුළු ප්‍රදේශ කිහිපයක් ද කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම ප්‍රදේශය ද හුදකලා කර තිබේ. 

කොළඹ දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ ජනගහනය අධිකම දිස්ත්‍රික්කය වන අතර, කොළඹ නගරය තුළ පමණක් හුදකලා කළ ප්‍රදේශවල ලක්ෂ 03කට ආසන්න ප්‍රමාණයක ජනතාවක් ජීවත් වනු ලබයි. මෙම පිරිස අතරින් 60%ක් පමණ දෛනික ආදායම් ලබන පුද්ගලයින් වන අතර, බොහෝ පිරිස අඩු ආදායම්ලාභී පවුල් ලෙස ද හඳුනාගත හැකිය. මේ වන විට මෙම ප්‍රදේශ මාසයකට ආසන්න කාලයක් තිස්සේ හුදකලා කර හෝ නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති නිසා ජනතාවගේ ආදායම් ඉපයීමේ අවස්ථාවන් ගිලිහී ගොස් ඔවුන් අන්ත අසරණභාවයට පත් වී ඇත. 

හුදකලා කර ඇති ප්‍රදේශවල සිටින පවුල් සහ ස්වයං නිරෝධායනය වන පවුල් සඳහා රුපියල් 10,000 ක බඩු මල්ලක් ලබා දීමේ වැඩ පිළිවෙලක් සිදු කර ගෙන යන බවත්, ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල් වලට මාසිකව රුපියල් 5000ක දීමනාව ලබා දෙන බවත්, රජය විසින් ප්‍රකාශ කර ඇත. නමුත්, මෙම වැඩපිළිවෙල යටතේ සුදුසුකම් ලබන සියළුම පවුල්වලට එම ප්‍රතිලාභය මේ දක්වා ලැබී නොමැති බව වාර්තා වේ. මේ බව පසුගිය දින වලදී මෝදර අළුත් මාවත, ඉබ්බාවත්ත හන්දියේ මහල් නිවාසයන්හි පදිංචි නිවැසියන් හා හේනමුල්ල මහල් නිවාසයන්හි නිවැසියන් විසින් කොවිඩ් අවදානම් තත්ත්වය ද නොතකා වීදි බැස සිදු කරන ලද උද්ඝෝෂණ වලින් ද පැහැදිලි වේ. 

ග්‍රාම නිලධාරීවරයා විසින් සිදු කරනු ලබන රුපියල් 5,000 දීමනාව නිකුත් කිරීම දිනකට 100 දෙනෙකුට පමණ සීමාවන බවත්, ඔවුන්ට ඇති පහසුකම් ප්‍රමාණවත් නොවන නිසා එය වේගවත් කිරීමට අපහසු බවත් වාර්තා වේ. කොළඹ දිස්ත්‍රික්කයේ එක් ග්‍රාම නිලධාරී වසමක 10,000කටත් වඩා අධික ජනගහනයක් ඇති බැවින් දිනකට මෙම ප්‍රමාණය ලබා දීම කිසිසේත් ප්‍රමාණවත් නොවේ.

දීමනා බෙදාහැරීමේ යාන්ත්‍රණයේ පවතින දුර්වලතාවයන්ට අමතරව, මෙම දීමනාව එක් පවුලකට මාසයක් ජීවත් වීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව මම මේ අවස්ථාවේ දී පෙන්වා දීමට කැමැත්තෙමි. පසුගිය සතියේ මෙම සභාවේදී රජයේ අමාත්‍යවරයෙක් විසින්, “මාසයකට දෙනු ලබන රුපියල් 5,000 සතියකින් අවසන් කරගනු ලැබූ බවට” එම ජනතාවට චෝදනා නැගූ නමුත්, මීට පෙර සිටම මාගේ ස්ථාවරය වූයේ, රුපියල් 5,000 කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත්, අවම වශයෙන් එක් පවුලකට මසකට රුපියල් 20,000ක දීමනාවක්වත් ලබාදිය යුතුය යන්නයි. සාමාජිකයන් දෙදෙනෙකු සිටින පවුලකට වුව ද ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් මාසික ජීවන වියදම් ලෙස අවම වශයෙන් රුපියල් 15,000ක් වත් අවශ්‍ය වේ. මීට අමතරව, වත්මන් රජයේ ප්‍රතිපත්ති නිසා බඩු මිල ද දිනෙන් දින ඉහළ යමින් පවතින බැවින්, ජීවනෝපාය අහිමි නොවූ ජනතාවගේ ආර්ථිකය ද අස්ථාවර වෙමින් පවතී. 

කොළඹ දිස්ත්‍රික්කයේ පවතින තත්ත්වය අනුව ජනතාවගේ ආර්ථිකය ඉතාමත් අසීරු අඩියකට පත්ව ඇති අතර, අනෙකුත් දිස්ත්‍රික්කවල තත්ත්වය ද මීට වඩා යහපත් නොවන බව අප සැම දන්නා කරුණකි. මේ පසුබිම යටතේ ජාතික වැදගත්කමකින් යුත් හදිසි කරුණක් වශයෙන් සළකා පහත ප්‍රශ්න සඳහා නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙමි.  

  1. කොළඹ දිස්ත්‍රික්කයේ නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශ, හුදකලා කර ඇති ප්‍රදේශ සහ හුදකලා කර ඇති මහල් නිවාසවල ජීවත් වන ජනසංඛ්‍යාව සහ පවුල් සංඛ්‍යාව කොපමණ ද? 
  2. කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් කීයකට මේ වන විට රුපියල් 5,000 දීමනාව ලබා දී ඇත් ද? රුපියල් 10,000ක බඩු මල්ල ලබා දී ඇත් ද? ඒ සඳහා වැය වූ මුදල වෙන් වෙන්ව සඳහන් කරන්නේ ද? එසේ නොකරන්නේ නම් ඒ මන්ද? 
  3. මෙම දීමනාව කෙටි කාලයක් තුළ සෑම පවුලකටම ලැබෙන සේ මෙම යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීම සඳහා  වැඩපිළිවෙළක් සැකසිය නොහැක්කේ ද? එසේ නොහැකි නම් ඒ මන්ද? 
  4. ජීවනෝපාය අහිමි වූ පවුල් වලට මසකට ලබා දෙන රුපියල් 5,000 දීමනාව ප්‍රමාණවත් බව රජය සිතන්නේ ද? එසේ නොමැති නම්, එම දීමනාව මසකට රුපියල් 20,000 දක්වා වැඩි කිරීමට ක්‍රියාකිරීමට රජය බලාපොරොත්තු වන්නේ ද? නොඑසේ නම්, වැඩි කළ හැකි ප්‍රමාණය කොපමණක් ද? 
  5. ස්වයං නිරෝධායනය වන පවුල් වෙත ලබා දෙනු ලබන රුපියල් 10,000ක බඩු මල්ල තුළ රුපියල් 10,000කට සරිලන බඩු නොමැති බවට නිවෙස්වලම නිරෝධානයට ලක් වී සිටින බොහෝ පිරිසක් විසින් චෝදනා කර ඇත. මෙම තත්ත්වය නිවැරදි කිරීමට ගනු ලබන පියවර කවරේද? එසේ පියවර නොගන්නේ නම් ඒ මන්ද?
  6. මෙම ප්‍රදේශ තව කොපමණ කාලයක් නිරෝධායන ඇඳිරි නීතිය පනවා හෝ හුදකලා තත්ත්වයෙන් පවත්වා ගෙන යාමට සිදුවනු ඇතැයි රජය සිතන්නේ ද? එම කාලය අනුව ඒ සඳහා සැලසුමක් රජයට තිබෙනවාද? එසේ නොමැතිනම්, එසේ සැලැසුමක් පිළියෙල නොකිරීම රජයක් ලෙස වගකීම් පැහැර හැරීමක් බව රජය පිළිගන්නවා ද? 
  7. රටේ අනෙකුත් දිස්ත්‍රික්ක වල ද ඇඳිරි නීතිය සහ හුදකලා කිරීම් නිසා ජනතාවට ජීවනෝපාය අහිමිවීම් සිදුවී ඇති අතර, එසේ සිදු වූ ප්‍රදේශවල ජනතාවට සහන සැලසීම සඳහා රජය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග කවරේ ද? ජනතාවට සහන සැලසුවේ නම්, එසේ සහන සැලසූ පවුල් සංඛ්‍යාව සහ වැය වූ මුදල් පිළිබඳව වෙන් වෙන් ව දිස්ත්‍රික්ක මට්ටමෙන් මෙම ගරු සභාවට ඉදිරිපත් කරන්නේ ද? නොඑසේ නම් ඒ මන්ද? 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

" සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය" බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය...

ගල් අඟුරු වංචාවේ සියලු තොරතුරු ලබන 12 වෙනිදා හෙළි කරනවා-පාඨලී

*ගිවිසුමට සම්පුර්ණයෙන්ම පටහැනිව, වාරකන් සමයේ, අමාත්‍යවරයාගේ අවසරයකින් තොරව ගෙන්වූ ගල් අඟුරු නැව් දෙකේ වගකීමක් මට නෑ..වගකීම තියෙන්නේ ලංකා ගල් අඟුරු සමාගමට හා නැව් සංස්ථාවට...

ග්‍රාමීය සංවර්ධනයට රුපියල් මිලියන 180,000ක් – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු ග්‍රාමීය සංවර්ධන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img