Monday, October 26, 2026
HomeNEWSLatest Newsපාතාලය සහ කුඩු අනිවාර්යයෙන්ම ඉදිරියේදී නවත්වනවා - සරත් වීරසේකර

පාතාලය සහ කුඩු අනිවාර්යයෙන්ම ඉදිරියේදී නවත්වනවා – සරත් වීරසේකර

පාතාලය සහ කුඩු අනිවාර්යයෙන්ම ඉදිරියේදී නවත්වනවා – සරත් වීරසේකර

අන්තවාදයට සහ ත්‍රස්තවාදයට ඉඩදෙන කිසිවෙකුට කිසිදු සමාවක් නොදෙන බව මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍යවරයා ලෙස අද (26) දිවුරුම් දුන් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

ඔහු පවසන්නේ ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත්වීමට හැකි සමාජයක් නිර්මාණය කිරීමට නම් පාතාලය සම්පූර්ණයෙන් ඉවත් කළ යුතු බවය.

රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සිය, නව අමාත්‍ය ධූරයේ දිවුරුම්දීමෙන් පසු හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ආගමික වතාවත්වල නිරත වී ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.

“ජනාධිපතිතුමා මට මේ වගකීම භාර දුන්නේ ලංකාවේ ඉන්න සමස්ත ජනතාවටම කිසිදු බියකින් හෝ සැකයකින් තොරව ජීවත්වෙන්න පුළුවන් වාතාවරණයක් හදන්න කියලා. ඒ වගකීම මම භාර ගන්නවා. ඒ වගකීම ඉතාම හොඳින් ඉටු කරනවා. පොලිසිය මහජන හිතවාදීව, මහජනයා තුළ විශ්වාසයක් නැගෙන ස්ථානයක් බවට පත්කරනවා. ඒ වගේම මගේ විෂය පථයේ තියෙන්නේ අනිවාර්යයෙන්ම පාතාලය නවත්වන එක සහ කුඩු නවත්වන එක. ඉතින් ඒ දෙක අනිවාර්යයෙන්ම ඉදිරියේදී කරනවා. පාතාලයට සම්බන්ධවෙලා ඉන්න අය ඉන්නවා නම් ඒ අයට අපි ආරාධනා කරනවා යහපත් සමාජයට ඇවිල්ලා තමාගේ එදිනෙදා කටයුතු කරන්න කියලා. ජනතාවට බියකින් සැකෙන් තොරව ජීවත්වීමට පුළුවන් සමාජයක් හදන්න නම් පාතාලය සම්පූර්ණයෙන් ඉවත් කළ යුතුයි. කුඩු ඉවත් කළ යුතුයි. ඒ වගේම අන්තවාදයට සහ ත්‍රස්තවාදයට ඉඩදෙන කාටවත් අපි කිසිම සමාවක් දෙන්නේ නෑ,”යනුවෙන් ද කැබිනට් අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගල් අඟුරු වංචාවේ සියලු තොරතුරු ලබන 12 වෙනිදා හෙළි කරනවා-පාඨලී

*ගිවිසුමට සම්පුර්ණයෙන්ම පටහැනිව, වාරකන් සමයේ, අමාත්‍යවරයාගේ අවසරයකින් තොරව ගෙන්වූ ගල් අඟුරු නැව් දෙකේ වගකීමක් මට නෑ..වගකීම තියෙන්නේ ලංකා ගල් අඟුරු සමාගමට හා නැව් සංස්ථාවට...

ග්‍රාමීය සංවර්ධනයට රුපියල් මිලියන 180,000ක් – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු ග්‍රාමීය සංවර්ධන...

ව්‍යවස්ථාමය ගැටලු පිළිබඳව විපක්ෂ නායක සජිත් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවට කරුණු පැහැදිලි කරයි

යෝජිත ආරක්ෂක නීති සම්බන්ධයෙන් ව්‍යවස්ථාමය ගැටලු පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවට කරුණු පැහැදිලි කරයි මානව හිමිකම් කොමිසම සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත...

2026 වසරේ මුල් මාස 9 තුළ මෙරට සමස්ත අපනයන ආදායම ඇ:ඩො:බි:13.61 දක්වා ළඟා වෙයි

2026 වසරේ මුල් මාස 9 තුළ මෙරට සමස්ත අපනයන ආදායම ඇ:ඩො:බි:13.61 දක්වා ළඟා වී ඇති අතර, එය 2025 වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව (⁣ඇ:ඩො:බි:12.96)...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img