තවදුරටත් වැඩිම කොවිඩ් ආසාදිතයින් කොළඹින්
මෙරට තුළින් කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 559 දෙනෙකු ඊයේ (26) දිනය තුළ හඳුනාගැණුනි.
ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්රික්කයෙනි. එම සංඛ්යාව 253කි.
ගම්පහ දිස්ත්රික්කයෙන් ආසාදිතයින් 65 දෙනෙකු සහ කළුතර දිස්ත්රික්කයෙන් ආසාදිතයින් 35 දෙනෙකු ද හඳුනාගෙන ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්රියාන්විත මධ්යස්ථානය පවසයි.
මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මාළු වෙළෙඳ සංකීර්ණයට සම්බන්ධ කොවිඩ් පොකුරෙන් මේ වනවිට වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්යාව 18,487කි. ඉන් පුද්ගලයින් 12,437 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
ඊයේ දිනය වනවිට, මෙරට තුළ කොවිඩ් – 19 වෛරසය ආසාදනය වු සමස්ත රෝගීන් සංඛ්යාව 22,027 ක් වන අතර ඉන් පුද්ගලයින් 15,815 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
රෝහල්ගතව සහ අතරමැදි ප්රතිකාර මධ්යස්ථාන තුළ රෝගීන් 6,113 දෙනෙකු තවදුරටත් ප්රතිකාර ලබමින් පසුවෙයි.
මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් – 19 ආසාදිත සමස්ත මරණ සංඛ්යාව ද 99 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ දිනය තුළ PCR පරීක්ෂණ 12,105 ක් සිදුකර ඇති බවද කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්රියාන්විත මධ්යස්ථානය පවසයි.
Man






















