Monday, October 26, 2026
HomeNEWSඅපිට ඩොලර් අච්චු ගහන්න බෑ - ඇමති බන්දුල

අපිට ඩොලර් අච්චු ගහන්න බෑ – ඇමති බන්දුල

අපිට ඩොලර් අච්චු ගහන්න බෑ – ඇමති බන්දුල

විදේශ ණය ප්‍රමාණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් ආරම්භ කළයුතු බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ ගෙවාගැනීමට නොහැකි විදෙස් ණය ප්‍රමාණය සම්බන්ධයෙන් අන්තර්ජාතික වශයෙන් සහය ලබාගත යුතු බවය.

“රට ඇතුළෙ සල්ලි ප්‍රශ්නයක් නම් සල්ලි අච්චු ගහන්න පුළුවන්. ඕන්නම් උද්ධමනයක් ඇති වෙයි. එහෙම ඇති වුණත් කමක් නෑ කියලා ඒ ප්‍රශ්නයට මුහුණ දෙන්න පුළුවන්.  බැහැයි අපිට ඩොලර් අච්චු ගහන්න බෑ. විදේශ මුදල් අපි උපයන්න ඕනේ. උපයන්න තිබුණු ප්‍රධානම මාර්ගය සංචාරකයින්. ඊළඟට, අපේ ප්‍රධාන අපනයන ද්‍රව්‍යවල සැපයුම් ජාලය අඩපණ වෙලා. එහෙමනම් අපිට අන්තර්ජාතික වශයෙන් පසුගිය රජය විසින් ලබාගෙන තියෙන ගෙවාගන්න බැරි විදේශ ණය ප්‍රමාණය ප්‍රතිව්‍යුහගතකරණයක් සඳහා ජාත්‍යන්තර සාකච්ඡාවක් ආරම්භ කළ යුතුව තිබෙනවා.” යනුවෙන් ද වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගල් අඟුරු වංචාවේ සියලු තොරතුරු ලබන 12 වෙනිදා හෙළි කරනවා-පාඨලී

*ගිවිසුමට සම්පුර්ණයෙන්ම පටහැනිව, වාරකන් සමයේ, අමාත්‍යවරයාගේ අවසරයකින් තොරව ගෙන්වූ ගල් අඟුරු නැව් දෙකේ වගකීමක් මට නෑ..වගකීම තියෙන්නේ ලංකා ගල් අඟුරු සමාගමට හා නැව් සංස්ථාවට...

ග්‍රාමීය සංවර්ධනයට රුපියල් මිලියන 180,000ක් – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු ග්‍රාමීය සංවර්ධන...

ව්‍යවස්ථාමය ගැටලු පිළිබඳව විපක්ෂ නායක සජිත් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවට කරුණු පැහැදිලි කරයි

යෝජිත ආරක්ෂක නීති සම්බන්ධයෙන් ව්‍යවස්ථාමය ගැටලු පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවට කරුණු පැහැදිලි කරයි මානව හිමිකම් කොමිසම සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත...

2026 වසරේ මුල් මාස 9 තුළ මෙරට සමස්ත අපනයන ආදායම ඇ:ඩො:බි:13.61 දක්වා ළඟා වෙයි

2026 වසරේ මුල් මාස 9 තුළ මෙරට සමස්ත අපනයන ආදායම ඇ:ඩො:බි:13.61 දක්වා ළඟා වී ඇති අතර, එය 2025 වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව (⁣ඇ:ඩො:බි:12.96)...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img