Monday, October 26, 2026
HomeNEWSහිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහාධිකරණයෙන් කළ ඉල්ලීම

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහාධිකරණයෙන් කළ ඉල්ලීම

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහාධිකරණයෙන් කළ ඉල්ලීම

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් මිලියන 2,992 ක මුදලක් වැය කර දිවි නැගුම ආධාරලාභීන්ට නිවාස ආධාර ලබාදීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් තමන්ට එරෙහිව ගොනුකර ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇතැයි හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කොළඹ මහාධිකරණය වෙත දැනුම්දී තිබේ.

එම චෝදනාවට සම්බන්ධ නඩුවෙන් විත්ති වාචකය නොකැඳවා තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා බැසිල් රාජපක්ෂ මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන ලිඛිත දේශන මගින් මෙම ඉල්ලිම සිදුකර ඇති බව අප වාර්තාකරු පැවසීය.

බැසිල් රාජපක්ෂ මහතා එම ලිඛිත දේශනවලින් සඳහන් කර සිටින්නේ  මෙම නඩුවේ මුල් පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ ඉකුත් යහපාලන රජය සමයේ ස්ථාපිත කර තිබු දුෂණ විරෝධී කමිටුවේ අධ්‍යක්ෂ ආනන්ද විජේපාල නමැත්තා විසින් බවය.

එහෙත් එම මුල් පැමිණිලිකරුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පොලිස් මුල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසය පියවර ගෙන නොමැති හෙයින් එය විමර්ශනවලදී සිදූවු බරපතළ දෝෂයක් බවද එම ලිඛිත දේශනවල සඳහන්කර තිබේ.

මෙම නඩුවට පාදක වන දිවිනැගුම ආධාරලාභීන්ට නිවාස ආධාර වශයෙන් මුදල් ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලද්දේ දිවිනැගුම ජාතික සභාවේ අනුමැතිය යටතේ බව පෙන්වා දෙන බැසිල් රාජපක්ෂ මහතා එබැවින් එය නීතියට පටහැනිව ක්‍රියාත්මක කළ වැඩසටහනක් නොවන බව පෙන්වා දෙයි.

ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වන වගන්තිය යටතේ අධිකරණය වෙත පැවරී ඇති බලතල යටතේ විත්ති වාචකය නොකැඳවා තමන්ව නිදොස් කොට නිදහස්කරන ලෙසද  රාජපක්ෂ මහතා සිය ලිඛිත දේශනවලින් අයැද සිටී.

මේ අතර විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කරන්නේ ද? නැද්ද? යන තීන්දුව මේ මස 30 වනදා ප්‍රකාශයට පත් කරන බව මහාධිකරණය මීට පෙර නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ග්‍රාමීය සංවර්ධනයට රුපියල් මිලියන 180,000ක් – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු ග්‍රාමීය සංවර්ධන...

ව්‍යවස්ථාමය ගැටලු පිළිබඳව විපක්ෂ නායක සජිත් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවට කරුණු පැහැදිලි කරයි

යෝජිත ආරක්ෂක නීති සම්බන්ධයෙන් ව්‍යවස්ථාමය ගැටලු පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවට කරුණු පැහැදිලි කරයි මානව හිමිකම් කොමිසම සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත...

2026 වසරේ මුල් මාස 9 තුළ මෙරට සමස්ත අපනයන ආදායම ඇ:ඩො:බි:13.61 දක්වා ළඟා වෙයි

2026 වසරේ මුල් මාස 9 තුළ මෙරට සමස්ත අපනයන ආදායම ඇ:ඩො:බි:13.61 දක්වා ළඟා වී ඇති අතර, එය 2025 වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව (⁣ඇ:ඩො:බි:12.96)...

වැඩිම වර්ෂාපතනය, පුත්තලම – කරන්දිපෝවල් ප්‍රදේශයට

අද (26) පෙ:ව: 8.30 න් අවසන් වූ පැය 24 තුළ, 195.7 mm ක වැඩිම වර්ෂාපතනය, පුත්තලම - කරන්දිපෝවල් ප්‍රදේශයට. කුලියාපිටිය - 193 mm මන්නාරම - ඉලුප්පෙකඩවයි -...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img