Saturday, October 24, 2026
HomeNEWSLatest Newsමාලදිවයිනේ ආරක්ෂක අමාත්‍යවරිය සහ අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්

මාලදිවයිනේ ආරක්ෂක අමාත්‍යවරිය සහ අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්

මාලදිවයිනේ ආරක්ෂක අමාත්‍යවරිය සහ අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්

මෙරට සංචාරයක නිරත මාලදිවයින් ආරක්ෂක අමාත්‍ය මරියා අහමඩ් ඩිඩි මහත්මිය ඇතුළු දූත පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබේ.

ඒ, කොළඹ විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය නිවසේදීය.

එහිදී මත්ද්‍රව්‍ය, පාතාල කල්ලි ඇතුළු නීතිවිරෝධී ජාවාරම් මර්ධනය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණය, ත්‍රස්තවාදය, අන්තවාදය සහ ආරක්ෂක සහයෝගීතාව යන විෂයන් සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

එමෙන්ම කලාපීය ආරක්ෂාවට අදාළව කරුණු කිහිපයක් ද අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කරයි.

ඊයේ (27) පැවති මෙම හමුවට මාලදිවයිනේ නියෝජ්‍ය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී බ්‍රිගේඩියර් ජෙනරල් අබ්දුල් රහීම් අබ්දුල් මතීන්, ශ්‍රී ලංකාවේ මාලදිවයිනේ මහකොමසාරිස් ඕමාර් අබ්දුල් රසාක් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව ඇත.

මාලදිවයිනේ මෙම ආරක්ෂක ප්‍රධානීන් පිරිස මෙරටට පැමිණි ඇත්තේ, ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ ජාතික ආරක්‍ෂක උපදේශක ත්‍රෛපාර්ශ්වික හමුවට එක්වීමටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල උත්සවයකට ප්‍රහාරයක්

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල්‍ය උත්සවයකට, තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ප 7 ක් මරුට; 40 කට තුවාල : විදෙස් මාධ්‍ය.

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසිකත්වය, පෞරාණික වටිනාකම් සහ ආගමික පසුබිම සුරක්ෂිත කරමින් ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය...

සාමකාමීව ජනතාවට රැස්වන්නවත් වත්මන් රජය ඉඩ දෙන්නේ නැහැ- විපක්ෂ නායක සජිත්

රජයට ජන වරම ලැබු‍ණේ මූලික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න වුවත් රජය කරන්නෙම මූලික අයිතිවාසිකම් කඩ කරන එකයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විහාරමහාදේවි උද්‍යානයේ සාමකාමී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img