මහර දී මියගිය රැඳවියන්ගේ සිරුරුවලට වෙන දේ
මහර බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ සිද්ධියෙන් මියගිය රැඳවියන්ගේ, හඳුනාගත් මෘත ශරීර සම්බන්ධ පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු අවසන් වුවද එම මෘත ශරීරවල අවසන් කටයුතු සිදුනොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
එළෙස හඳුනාගත් මෘත ශරීර අතුරින් මෘත ශරීර තුනක පශ්චාත් මරණ පරික්ෂණ මේ වනවිට සිදුකර ඇති අතර හඳුනාගත් අනෙක් මෘත ශරිරවල පශ්චාත් මරණ පරික්ෂණ අද (07) සිදුකිරීමට නියමිතය.
මහර බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් රැඳවියන් 11 දෙනෙකු මියගිය අතර ඉන් 07 දෙනෙකුගේ දේහ මේ වනවිට හඳුනාගෙන තිබේ.
තිදෙනකුගේ මෘත ශරීර ඔවුන්ගේ ඥාතීන් විසින් හඳුනාගෙන ඇති අතර අනෙක් මෘත ශරීර 04 ඇඟිලි සලකුණු මගින් හඳුනාගත් බව පොලීසිය සඳහන් කරයි.
මේ අතර මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 116 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරිවරයෙකුගේ මෙහෙයවීම යටතේ සිදුකරන මෙම විමර්ශන කටයුතු සඳහා පොලිස් නිලධාරින් 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පත්කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.






















