Tuesday, August 11, 2026
HomeNEWSLatest Newsමෙරට විශාලතම සුළං විදුලි බලාගාරය අද ජාතික පද්ධතියට එකතුවෙයි

මෙරට විශාලතම සුළං විදුලි බලාගාරය අද ජාතික පද්ධතියට එකතුවෙයි

මෙරට විශාලතම සුළං විදුලි බලාගාරය අද ජාතික පද්ධතියට එකතුවෙයි

මෙරට විශාලතම සුළං විදුලි බලාගාර සංකීර්ණය වන ‘තම්බපවනී’ විදුලි බලාගාරය අද (08) ජාතික විදුලිබල පද්ධතියට එක්විය.

මෙරට විදුලිබල උත්පාදනයේ තවත් ඓතිහාසික සංදිස්ථානයක් සටහන් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මන්නාරම ‘තම්බපවනී’ සුළං විදුලි බලාගාරය විවෘත කෙරුණි.

පළමු පියවර ලෙසින් මෙගාවොට් 100ක සුළං විදුලි ධාරිතාවයක් එහිදී නිපදවේ.

පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ලෙසින් ක්‍රියාත්මක මෙහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 135කි.

වසරකටත් අඩු කාලයකින් වැඩ අවසන් වූ එම සුළං විදුලි බලාගාරය මගින් විදුලි ඒකකයක් රුපියල් 8ක් වැනි සුළු මුදලකට නිපදවිය හැකි බව ව්‍යාපාතියේ පරිසර සහ සමාජ ආරක්ෂණ නිලධාරී වේලු චන්ද්‍රෙස්කරන් මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කොලොම්බියාවේ භූමිකම්පාවක්.. 77 දෙනකු මරුට

කොලොම්බියාවේ සිදුවූ රික්ටර් මාපක 7.4 ක භූකම්පනයකින් 77 දෙනෙකු, දැනට අවම වශයෙන් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සාගරට ඇප… විදෙස් ගමන් තහනම්

අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා ඇප මත මුදාහැරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා නියෝග...

ගොවි විරෝධතාවයක් හේතුවෙන් අම්බලන්තොට උණුසුම්

කෘෂිකර්මාන්තයේ නිරත ගොවීන්ට දිනෙන් දින එල්ල වන බලපෑම් සහ තර්ජන හමුවේ සිය අස්වනු සඳහා සාධාරණ මිලක් නොලැබීම හේතුවෙන් ගොවිතැනින් ඈත්වීමට සිදුව ඇති බව පවසමින්...

පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම් අත්අඩංගුවට

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයකට අදාළව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත කැඳවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් අත්අඩංගුවට ගැනේ.-පොලිසිය
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img