Tuesday, August 11, 2026
HomeNEWSකසළ තේ තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

කසළ තේ තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

වෙලම්බොඩ, ඌරදෙණිය ප්‍රදේශයේදී පරිභෝජනයට නුසුදුසු කසළ තේ කිලෝග්‍රෑම් 4000කට ආසන්න ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කසළ තේ තොගය ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී කසළ තේ කිලෝග්‍රෑම් 3,861ක් නිලධාරින් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේය.

සැකකරු වෙලම්බොඩ, අඹගස්තැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.

අත්අඩංගුවට ගත් සැකකරුට ලබන 11 වනදා ගම්පොළ මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා පොලිස් ඇප මත මුදා හැර තිබේ.

පොලිසිය භාරයට ගත් කසළ තේ පරීක්ෂා කර වාර්තාවක් ලබාදෙන ලෙස ගම්පොළ ප්‍රාදේශීය තේ මණ්ඩලය වෙත දැනුම් දී ඇති අතර වෙලම්බොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීමට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම තරයේ හෙළා දකිමු-දිනන දකුණ

දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීම සඳහා රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම තරයේ හෙළා දකිමු! මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සීඝ්‍රයෙන් බිඳවැටෙමින් පැවතීම පිළිබඳව "දිනන දකුණ" සාමූහිකය සමස්ත ශ්‍රී...

ජනපති හා නීතිඥ සංගමය අතර සාකච්ඡාව හෙට(12)

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සඳහාවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහාවන තීරණය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL)...

ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහනට ප්‍රකට හොලිවුඩ් නිළියකගෙන් ප්‍රශංසා

"ශ්‍රී ලංකාවේ බිම්බොම්බ ඉවත් කිරීමේ වැඩසටහන අතිසාර්ථකයි."සම්මානනීය හොලිවුඩ් නිළි රෝසමන්ඩ් පයික්. ලෝකප්‍රකට හොලිවුඩ් රංගන ශිල්පිනී සහ බිම්බෝම්බ ඉවත් කිරීමේ ජාත්‍යන්තර තානාපතිනි රෝසමන්ඩ් පයික් (Rosamund Pike)...

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් 22ක පරාජය කිරීමට දිවි හිමියෙන් කටයුතු කරනවා- ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින් (10) පෙරවරුවේ කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා දැක්වූ අදහස් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img