Monday, August 10, 2026
HomeNEWSLatest Newsපොලිස් නිලධාරියෙක්ව ඝාතනය කෙරේ

පොලිස් නිලධාරියෙක්ව ඝාතනය කෙරේ

පොලිස් නිලධාරියෙක්ව ඝාතනය කෙරේ

කාන්තන්කුඩි පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක් ඝාතනයට ලක්ව තිබේ.

ඊයේ (09) රාත්‍රී අක්කරපත්තු පොලිස් වසමේ, පාලමුනේ ප්‍රදේශයේ දී ඇති වු සිද්ධියක දී පොලිස් කොස්තාපල්වරයා මෙලෙස ඝාතනයට ලක්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඝාතනයට ලක්ව ඇත්තේ 35 හැවිරිදි පොලිස් නිලධාරියෙක් වන බවත් ඔහු රාජකාරිය නිමකර ඇති අවස්ථාවක මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

“ඔහුව ඝාතනයට ලක්කර ඇත්තේ ඔහුගේම ඥාතියෙක් විසින් බව වාර්තා වනවා. ඒ වගේම එම පුද්ගලයා 21 හැවිරිදි තරුණයෙක් වන අතර, අක්කරපත්තුව පොලීසිය විසින් එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් අක්කරපත්තුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.“

අද (10) දිනයේ දී ඝාතනය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය හා මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඒකාධිපති ආඥාදායක පාලනයක් රටේ ස්ථාපිත වෙනවා – විපක්ෂ නායක සජිත්

‘පොහොසත් රටක් ලස්සන ජිවිතයක්’කෙසේ වෙතත් ඒකාධිපති ආඥාදායක පාලනයක් නම් රටේ ස්ථාපිත වෙනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට අප රටේ බරපතල ව්‍යාකූලත්වයක්...

අරගලය වෙලාවේ අපි අඩියක් පස්සට ගත්තේ නිවටකමකට කියලා ආණ්ඩුව හිතනවා නම් ඔවුන්ට වැරදිලා- නාමල්

අරගලය වෙලාවෙ අපි අඩියක් පස්සට ගත්තා අපි ජීවිත නැති කරලා, දරුවෝ මරලා, ඒ දරුවන්ගේ ජීවිත උඩින් ආණ්ඩුවක් රකින්න අපි ගියේ නෑ -නාමල් රාජපක්ෂ අපිටත් තිබ්බා...

ජාතික නිවාස වැඩසටහනට රුපියල් මිලියන 44,000ක් – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

වත්මන් රජයේ ජාතික නිවාස සංවර්ධන වැඩසටහන සඳහා රුපියල් මිලියන 44,000ක් වෙන් කර ඇති බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි...

බන්ධනාගාර ප්‍රධානීන් ඇතුළු ආයතන කිහිපයක නිලධාරීන්ට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක්

බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වු නොසන්සුන්කාරී තත්ත්වයන් පිලිබද සාකච්ඡා කිරීම සඳහා ඊට අදාල සියලු ආයතන ප්‍රධානීන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවීමට නියමිතව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img