Thursday, August 6, 2026
HomeNEWSLatest Newsරත්ගම වැඩ විසූ නෙදර්ලන්ත හිමියන්ගේ අපවත්වීම ඝාතනයක් ?

රත්ගම වැඩ විසූ නෙදර්ලන්ත හිමියන්ගේ අපවත්වීම ඝාතනයක් ?

රත්ගම වැඩ විසූ නෙදර්ලන්ත හිමියන්ගේ අපවත්වීම ඝාතනයක් ?

රත්ගම වැඩ විසූ නෙදර්ලන්ත හිමියන්ගේ අපවත්වීම ඝාතනයක් බවට සැක කෙරේ.

රත්ගම පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩවිසූ නෙදර්ලන්ත ස්වාමීන්වහන්සේගේ අභිරහස් අපවත්වීම පිළිබඳව විමර්ශන කඩිනම් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

පොලිසිය සැක පළ කරන්නේ කිසිවකු විසින් හිමියන් ඝාතනය කර සිරුර දියේ ගිල්වා දමන්නට උත්සාහ කර ඇති බවය.

රත්ගම කටුදම්පේ පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩවිසූ පූජ්‍ය නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන් එහි වැඩම කර ඇත්තේ ඇත්තේ මීට වසර 11කට පමණ පෙරය.

35 වසරක පැවිදි දිවියකට හිමිකම් කී උන්වහන්සේ මියන්මාරය සහ තායිලන්තය වැනි රටවල මීට පෙර වැඩවාසය කර තිබුසේක.

පිණ්ඩපාතයෙන් යැපෙමින් ආරණ්‍ය සේනාසනය තුළ භාවනානුයෝගීව වැඩවිසූ උන්වහන්සේ හැට හැවිරිදි වියේ පසුවූහ.

ආරණ්‍ය සේනාසනයට අයත් ඔරුවකින් රත්ගම කලපුව හරහා උන්වහන්සේ පිණ්ඩපාතය සඳහා ගොඩබිමට වැඩම කිරීම ප්‍රදේශවාසීන්ට සුලබ දසුනකි.

නමුත් පසුගිය 05 වැනිදා පස්වරුවේ සිට හිමිනම පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා වී නොතිබුණි.

උන්වහන්සේ පිණ්ඩපාතයේ වඩින ඔරුව රත්ගම කලපුවේ පාවෙමින් තිබිය්‍දී සොයාගෙන තිබුණේ ඒ අතරතුරය.

පසුව සිදුකළ සොයාබැලීමේදී ස්වාමීන් වහන්සේගේ මෘත දේහය රත්ගම කලපුවේ පාවෙමින් තිබියදී පසුගිය 8 වැනිදා පස්වරුවේ සොයාගැනිණි.

උන්වහන්සේගේ දෙපා වයරයකින් ගැටගසා ඊට කොන්ක්‍රීට් කැබැල්ලක් ද ගැටගසා තිබූණි.

ඒ අනුව හිමිනම කවුරුන් විසින් හෝ ඝාතනය කර අනතුරුව සිරුර දියේ ගිල්වා දැමීමට උත්සාහදරා ඇති බවට පොලීසිය සැක පළකරයි.

දේහය සොයාගත් ස්ථානයට පැමිණි ගාල්ල මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා මේ සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ පෙරවරුවේ සිදුකළේය.

දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කරාපිටිය ශික්ෂණ රෝහලේදී අද සිදුකෙරුණු අතර වැඩිදුර පරීක්ෂණ සඳහා සිරුරේ කොටස් කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කිරීමට එහිදී තීරණය වී තිබේ.‍

මේ අතර සිද්ධිය පිළිබඳ විමර්ශන කඩිනම් කරන්නැයි  බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂවරයාට දැනුම් දී තිබුණි.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඊශ්‍රායල් රැකියා ගිවිසුම් අපේක්ෂයන් වෙනුවෙන් විපක්ෂ නායක සජිත් පෙනී සිටියි.

අසාධාරණයට ලක්වූ ඊශ්‍රායල් රැකියා ගිවිසුම් අපේක්ෂයන් වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙනී සිටියි. තාරුණ්‍යයේ සිහිනය වන්නේ විදේශගත වී හොද රැකියාවක් සිදුකරලා හොද ආදායමක් ලබාගෙන...

නව විද්‍යාත්මක පර්යේෂණ පොදු ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට යොදා ගත යුතුයි- ජනපති

විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡා ජනපති ප්‍රධානත්වයෙන් නව විද්‍යාත්මක පර්යේෂණ පොදු ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමටත්,ජාතික ආර්ථිකය නංවාලීමටත් සෘජුව දායක කරගත...

ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු රැගත් යාත්‍රාවක් ඩෙල්ෆ් මුහුදේදී අනතුරකට

නීතිවිරෝධීව මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු රැගත් යාත්‍රාවක් ඩෙල්ෆ් මුහුදේදී අනතුරකට ලක්වෙයි; මුදාගැනීමට විශේෂ මෙහෙයුමක්: නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක.

හෙල්ල විසි කිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය රුමේෂ් තරංගට

ප්‍රසාද ලකුණු 1354ක් ලබා පිරමි හෙල්ල විසි කිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වියඑම ශ්‍රේණිගත කිරීමේ ප්‍රථමස්ථානයට පත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img