Thursday, August 6, 2026
HomeNEWSLatest Newsගාල්ලේ ග්‍රාම නිලධාරී වසම් 7කට සංචරණ සීමා

ගාල්ලේ ග්‍රාම නිලධාරී වසම් 7කට සංචරණ සීමා

ගාල්ලේ ග්‍රාම නිලධාරී වසම් 7කට සංචරණ සීමා

ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 7කට දැඩි සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

කොවිඩ් -19 ආසාදිතයින් 25 දෙනෙකු හඳුනාගැනීමත් සමග මෙම සංචරණ සීමා පැනවීමට පියවර ගත් බව ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා සඳහන් කළේය.

ඒ අනුව මිලිද්දූව, කෝන්ගහ, තලාපිටිය, දංගෙදර නැගෙනහිර, දෙද්දුගොඩ උතුර, දෙද්දුගොඩ දකුණ සහ මකුළුව යන ග්‍රාම නිලධාරී වසම්වලට සංචරණ සීමා පනවා තිබේ.

මෙම ප්‍රදේශවල පදිංචි කිසිදු පුද්ගලයෙකුට නැවත දැනුම්දෙන තුරු අත්‍යාවශ්‍ය නොවන හේතුවකට නිවසින් පිටතට යා නොහැකි බව වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා සඳහන් කළේය.

“මිලිද්දූව, කෝන්ගහ, තලාපිටිය, දංගෙදර නැගෙනහිර, දෙද්දුගොඩ උතුර, දෙද්දුගොඩ දකුණ සහ මකුළුව යන ග්‍රාම නිලධාරී වසම් 7හි ජීවත්වන ප්‍රජාව ඉදිරි දින කිහිපය තුළ තමන්ගේ සංචරණ සීමා දැඩි ලෙස සීමා කරලා ජීවත් වෙන්න වෙනවා. රාජ්‍ය නිලධාරීන් සේවා අවශ්‍යතාවය පරිදි අදාළ ආයතන ප්‍රධානියාට දන්වලා පොලීසියෙන් අවසර අරන් අත්‍යාවශ්‍ය සේවා සඳහා යන්න පුළුවන්.“

මේ අතර කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් සියලු පාසල් තවත් සතියක් වසා දැමීමට තිරණය කර තිබේ.

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් යාපා මහතා සඳහන් කළේ, ඒ අනුව ලබන 18 වන දින දක්වා ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලු පාසල් වසා තැබෙන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විමල්, ගම්මන්පිල, දිලිත්, සුගීෂ්වර ඇතුළු හය දෙනෙකුට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා

සුරේෂ් සලේ සම්බන්ධව, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, සුගීෂ්වර බණ්ඩාර, දිලිත් ජයවීර ඇතුළු 6 ක් අධිකරණයට අපහාස කර ඇති බැවින්, එය අභියාචනාධිකරණයට වාර්තා කරන ලෙස...

හිටපු අධ්‍යාපන ඇමති අකිල 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත්, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ලබන 18 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග.

පොලිස්පතිට තර්ජනය කළාට විමර්ශන නවත්වන්නේ නෑ- ඇමති ආනන්ද විජේපාල

පොහොට්ටුවේ මහ ලේකම්වරයා පොලිස්පතිට සිදුකළ තර්ජනය නීතියේ ආධිපත්‍යයට සිදු සිදුකළ තර්ජනයක් බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද(05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ...

පොලිස්පතිතුමනි දේශපාලඥයින්ගේ ලණු කන්න එපා- නාමල් රාජපක්ෂ

පොලිස්පතිතුමාට කියන්නේ, දේශපාලඥයින් දෙන මේ ලණු කන්න එපා- නාමල් රාජපක්ෂ පොලිස්පතිතුමාට කියන්නේ, දේශපාලඥයින් දෙන මේ ලණු කන්න එපා.මීට පෙර ඔය විදියටම පක්ෂවලට කඩේ ගියපු පොලිස්පතිවරුන්ට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img