Thursday, August 6, 2026
HomeNEWSLatest Newsදෛනික වැඩිම ආසාදිතයින් කොළඹින් - මට්ටක්කුලියෙන් 175ක්

දෛනික වැඩිම ආසාදිතයින් කොළඹින් – මට්ටක්කුලියෙන් 175ක්

දෛනික වැඩිම ආසාදිතයින් කොළඹින් – මට්ටක්කුලියෙන් 175ක්

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (11) දිනය තුළත් නව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 445 දෙනෙකු හඳුනාගෙන තිබේ.

කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ, ඔවුන්ගෙන් 175 දෙනෙකු මට්ටක්කුලිය ප්‍රදේශයෙන් වාර්තා වන බවය.

ඊට අමතරව දෙමටගොඩ ප්‍රදේශයෙන් 49 දෙනෙකු, කොම්පඤ්ඤවීදය ප්‍රදේශයෙන් 36 දෙනෙකු, මරදාන ප්‍රදේශයෙන් 35 දෙනෙකු සහ වැල්ලවත්ත ප්‍රදේශයෙන් 32ක් හඳුනාගෙන තිබේ.

ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් 762 දෙනා අතරින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් 175 ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 36ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 27ක්, මහනුවර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් 19 දෙනා බැගින්ද වාර්තා වී ඇති බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ අතර, අම්පාරෙන් 17 ක්, පුත්තලමෙන් 10ක්, යාපනය, අනුරාධපුර හා රත්නපුර දිස්ත්‍රික්කවලින් 09 දෙනෙකු බැගින්, නුවරඑළියෙන් 08ක්, මාතලෙන් 5ක්, බදුල්ලෙන් 4ක්, කෑගල්ල, වවුනියාව, මොනරාගල, හම්බන්තොට හා මාතර දිස්ත්‍රික්කවලින්ද ආසාදිතයින් හඳුනාගෙන තිබේ.

ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් අතරින් මහර බන්ධනාගාරයෙන් කොවිඩ් ආසාදිතයින් 75 දෙනෙකු සහ වැලිකඩ බන්ධනාගාරයෙන් 14 දෙනෙකු හඳුනාගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විමල්, ගම්මන්පිල, දිලිත්, සුගීෂ්වර ඇතුළු හය දෙනෙකුට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා

සුරේෂ් සලේ සම්බන්ධව, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, සුගීෂ්වර බණ්ඩාර, දිලිත් ජයවීර ඇතුළු 6 ක් අධිකරණයට අපහාස කර ඇති බැවින්, එය අභියාචනාධිකරණයට වාර්තා කරන ලෙස...

හිටපු අධ්‍යාපන ඇමති අකිල 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත්, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ලබන 18 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග.

පොලිස්පතිට තර්ජනය කළාට විමර්ශන නවත්වන්නේ නෑ- ඇමති ආනන්ද විජේපාල

පොහොට්ටුවේ මහ ලේකම්වරයා පොලිස්පතිට සිදුකළ තර්ජනය නීතියේ ආධිපත්‍යයට සිදු සිදුකළ තර්ජනයක් බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද(05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ...

පොලිස්පතිතුමනි දේශපාලඥයින්ගේ ලණු කන්න එපා- නාමල් රාජපක්ෂ

පොලිස්පතිතුමාට කියන්නේ, දේශපාලඥයින් දෙන මේ ලණු කන්න එපා- නාමල් රාජපක්ෂ පොලිස්පතිතුමාට කියන්නේ, දේශපාලඥයින් දෙන මේ ලණු කන්න එපා.මීට පෙර ඔය විදියටම පක්ෂවලට කඩේ ගියපු පොලිස්පතිවරුන්ට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img