Tuesday, August 4, 2026
HomeNEWSLatest Newsකොවිඩ් හෙළ ඔසුව නිෂ්පාදනයට තාක්ෂණික සහය

කොවිඩ් හෙළ ඔසුව නිෂ්පාදනයට තාක්ෂණික සහය

කොවිඩ් හෙළ ඔසුව නිෂ්පාදනයට තාක්ෂණික සහය

කොවිඩ් වෛරසයට එරෙහිව දේශීය ඖෂධය නිෂ්පාදනය කළ කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාට මහාපරිමාණ ඇඹරුම් යන්ත්‍රයක් ලබාදීමට කර්මාන්ත අමාත්‍යශංය පියවර ගෙන තිබේ.

කොවිඩ් වෛරසය රෝගීන්ගේ ශරීරයෙන් ඉවත් කළ හැකි දේශීය ඖෂධයක් කෑගල්ල ප්‍රදේශයේ ධම්මික බණ්ඩාර මහතා විසින් සොයාගත් බව වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිදුකළ සායනික අත්හදාබැලීම් දෙකක දී තහවුරු වූ පසුබිමක ඒ පිළබඳව පර්යේෂණ රැසක් ආරම්භ විය.

පසුගිය 08 වැනිදා මෙම ඖෂධය ජනතාව අතර නොමිලේ බෙදා දීම අත්හිටුවීමට තීරණය කිරීමත් සමඟ ඖෂධ නිෂ්පාදන කටයුතුද තාවකාලිකව අඬාල විය.

කෙසේ නමුත් ඊයේ (11) දිනයේදීත් ජනතාව කෑගල්ල, උඩුකුඹුර ප්‍රදේශයේ පිහිටි ධම්මික බණ්ඩාර මහතාගේ නිවසට රැස්ව සිටි අතර ඖෂධය නිෂ්පාදනය කර නොතිබීම හේතුවෙන් ජනතාව මහත් අපහසුතාවයකට පත්ව සිටියේය.

අනතුරුව පොලීසිය මැදිහත්ව එම පිරිස ඉවත් කිරීමට පියවර ගනු ලැබීය.

මේ දක්වා අවම පහසුකම් යටතේ ඖෂධ නිෂ්පාදන කටයුතු සිදුකරගෙන ගිය ධම්මික බණ්ඩාර මහතාට විශාල වශයෙන් ඖෂධ නිෂ්පාදනය කිරිමට තාක්ෂණික උපකරණ නොමැති කමින් ගැටලු රැසකට මුහුණ දී සිටියේය.

මේ තත්ත්වය මත කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මැදිහත්වීමෙන් කර්මාන්ත හා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් ඊයේ ධම්මික බණ්ඩාර මහතාගේ නිවසට පැමිණ මහාපරිමාණයෙන් ඖෂධ ඇඹරීම සිදුකළ හැකි ඇඹරුම් යන්ත්‍රයක් සවි කිරීමට පියවර ගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෙරහැරවලින් අලින් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක්- එජාප සභාපති වජිර

කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ අද (04) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පළ කල අදහස්. විබෞද්ධකරණයට එරෙහිව...

මහර සිදුවීමේ අවශ්‍යතාවය බන්ධනාගාරය කඩාකප්පල් කිරීමයි- අධිකරණ ඇමති පාර්ලිමේන්තුවේදී කියයි

මහර බන්ධනාගාර සිද්ධිය කළ අයගේ අවශ්‍යතාවය වී තිබුණේ බන්ධනාගාරය කඩාකප්පල් කිරීමයි. එවැනි සංවිධානාත්මක කුමන්ත්‍රණකාරින්ට විරුද්ධව පියවර ගන්න පැකිලෙන්නේ නැහැ. ...

නඩු කඩිනම් කිරීමට තේරීම් කාරක සභාවක් ඉල්ලීමේ යෝජනාව කතානායක වෙතට

ගොඩගැසී ඇති නඩු කටයුතු කඩිනම් කිරීමට සමගි ජන බලගයෙන් තේරීම් කාරක සභාවක් ඉල්ල කතානායකවරයාට යෝජනාවක් බාර දෙයි ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ මේ වන විට...

නැගෙනහිර මුහුදු තීරය දින 365ම සක්‍රීය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර

​නැගෙනහිර මුහුදු තීරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ දින 365ම සක්‍රීය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ​ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදු තීරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img