Tuesday, August 4, 2026
HomeNEWSLatest Newsපාඨලී ජාතික හෙළ උරුමයෙන් ඉවත්වෙයි

පාඨලී ජාතික හෙළ උරුමයෙන් ඉවත්වෙයි

පාඨලී ජාතික හෙළ උරුමයෙන් ඉවත්වෙයි

ජාතික හෙළ උරුමයේ මහලේකම් ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (12) සිය ධුරයෙන් මෙන්ම ජාතික හෙළ උරුමයේ පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වී තිබේ.

පාඨලී චම්පික රණවක මහතාගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර ඇත.

මේ අතර ජාතික හෙළ උරුමයේ සාමාජිකයන් ලෙස දේශපාලනයේ නිරත වු තවත් නියෝජිතයින් කිහිපදෙනෙකු ද ඉන් ඉවත්ව තිබේ.

ඒ අද ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති ජාතික හෙළ උරුමයේ විශේෂ ජාතික නියෝජිත සමුළුවේ දී ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා,

“දේශපාලන ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් තුළ අද වනවිට අලුත් තත්ත්වයන්වලට අප මුහුණ දෙමින් සිටින අතර අද රටට නව සමාජ බලවේගයක අවශ්‍යතාවයක් මතුව තිබෙනවා. එම නව සමාජ බලවේගය ගොඩනැනීම වෙනුවෙන් අද අප ජාතික හෙළ උරුමයේ පක්ෂ සමාජිකත්වයෙන් හා තනතුරුවලින් ඉවත් වීමට කටයුතු කරනවා. අද රටෙහි සිටින තරුණ පිරිසට අනාගතයේ මේ රට භාරදිය යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් යහපත් රටක් නිර්මාණය කිරීම අප සියලු දෙනාගේ වගකීමක්. මෙම තරුණ පිරිස විධිමත් ලෙස මෙහෙයවීම වෙනුවෙන් නව සමාජ ජාතික බලවේගයක අවශ්‍යතාවය අද අනිවාර්යයි. රටෙහි සිටින තරුණ පිරිසට රට භාරදීමට කිසිසේත් සුදුසු තත්ත්වයක් අද නොපවතින අතර පැරණි දේශපාලන පවුල්වල නෂ්ටාවශේෂයන් අදටත් මේ රටේ පාලනය ගෙනයාමට කටයුතු කරමින් සිටිනවා. මෙම ක්‍රමය අප වෙනස් කළ යුතුය. ඒ වෙනුවෙන් වන නව සමාජ බලවේගයක් නිර්මාණය කිරීමට අප ඉදිරියේදී ක්‍රියා කරනු ලබනවා.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෙරහැරවලින් අලින් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක්- එජාප සභාපති වජිර

කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ අද (04) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පළ කල අදහස්. විබෞද්ධකරණයට එරෙහිව...

මහර සිදුවීමේ අවශ්‍යතාවය බන්ධනාගාරය කඩාකප්පල් කිරීමයි- අධිකරණ ඇමති පාර්ලිමේන්තුවේදී කියයි

මහර බන්ධනාගාර සිද්ධිය කළ අයගේ අවශ්‍යතාවය වී තිබුණේ බන්ධනාගාරය කඩාකප්පල් කිරීමයි. එවැනි සංවිධානාත්මක කුමන්ත්‍රණකාරින්ට විරුද්ධව පියවර ගන්න පැකිලෙන්නේ නැහැ. ...

නඩු කඩිනම් කිරීමට තේරීම් කාරක සභාවක් ඉල්ලීමේ යෝජනාව කතානායක වෙතට

ගොඩගැසී ඇති නඩු කටයුතු කඩිනම් කිරීමට සමගි ජන බලගයෙන් තේරීම් කාරක සභාවක් ඉල්ල කතානායකවරයාට යෝජනාවක් බාර දෙයි ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ මේ වන විට...

නැගෙනහිර මුහුදු තීරය දින 365ම සක්‍රීය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර

​නැගෙනහිර මුහුදු තීරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ දින 365ම සක්‍රීය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ​ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදු තීරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img