Friday, July 31, 2026
HomeNEWSLatest Newsනීතිපතිගෙන් පොලිස්පතිට චෝදනාවක්

නීතිපතිගෙන් පොලිස්පතිට චෝදනාවක්

නීතිපතිගෙන් පොලිස්පතිට චෝදනාවක්

බන්ධනාගාරය තුළ සිරකරුවන් අඩු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට මාර්ගෝපදේශ සහ උපදෙස් අවස්ථා දෙකකදී තමන් පොලිස්පතිවරයාට ලබාදුන් බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා පවසයි.

තමා එම උපදෙස් පළමුව පසුගිය අප්‍රේල් මාසයේ ලබාදුන් බවත් එය ක්‍රියාත්මක වුයේ නම් මහර බන්ධනාගාර ගැටුම සිදුනොවීමට ඉඩතිබූ බව ඔහු පැවසීය.

නව නීතිපති දෙපාර්තමේන්තු කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් නීතිපතිවරයා මේ බව සඳහන් කළේය. 

ශ්‍රේෂ්ඨාධිකරණ අසල අධිකරණ මාවතේ ඉදි කර ඇති නීතිපති දෙපාර්තමේන්තු කාර්යාලය අද උදෑසන අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි, අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ නීතිපති දප්පුල ලිවේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි .

එම අවස්ථාවේ අදහස් දක්වමින් නීතිපති දප්පුල ද  ලිවේරා පැවසුවේ, “මම මේ වසංගත සමයේ පොලිසියට අවස්ථා කිහිපයකදී උපදෙස් ලබාදුන්නා.  අවස්ථා දෙකකදී බන්ධනාගාරයේ සිටින වැඩි පිරිස අඩු කරන්න කියලා. මම අප්‍රේල් මාසයේදී ඉතා තදින්ම මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරන ලෙසට. නමුත් පොලිස්පතිවරයා විසින් ඒ මාර්ගෝපදේශ හා උපදෙස් කිසිවක් ක්‍රියාවට නංවා නැහැ ඊට හේතුව මට අපැහැදිලියි. නැවතත් මම ඒ ගැන විමසුවා ඒ අවස්ථාවේදී අමාත්‍යවරයා විසින් මගෙන් ඉල්ලීමක් කළා පොලිසියට උපදෙස් ලබාදෙන්න බන්ධනාගාරයේ සිටින වැඩි පිරිස අඩු කිරීමට. එම උපදෙස නොවැම්බර් මස අග වන විට ක්‍රියාවට නංවනු ලැබුවා. නමුත් අවාසනාවට මේ සිදුවීම ඇති වෙන්නේ නැහැ මගේ උපදෙස අප්‍රේල් මාසයේදී ක්‍රියාත්මක කළා නම්. මම දුන්නේ විස්තර සහිත උපදෙස්,” යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඬුවම

පාස්කු ඉරුදින ප්‍රහාර සිද්ධියේ චෝදනාවලට අදාලව, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ බහුතර විනිසුරු මඩුල්ල විසින් මරණ දඬුවම නියම කරයි.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීම ඇතුළු චෝදනාවලට වැරදිකරු කළ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ බහුතර විනිසුරුවරු විසින් මරණ දඬුවම නියම කරයි.

නාමල්ට උණ

පසුගිය සතියේ නාමල් එක්සත් රාජධානිය බලා පිටත් වීමට සූදානම්ව සිටියේය. ඒ ඔහුගේ ඥාතියකුගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහාය මේ සඳහා කෙසේ හො සහභාගී වන ලෙස...

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි සියලුම ජන කොටස් එකම පුද බිමකට කැඳවන මෙම ඓතිහාසික අවස්ථාව අපේ රටේ ජාතික අනන්‍යතාව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img