Tuesday, September 22, 2026
HomeNEWSඅන්තර්ජාලයේ සංසරණය වන ඖෂධ වට්ටෝරු භාවිත නොකරන ලෙස ඉල්ලීමක්

අන්තර්ජාලයේ සංසරණය වන ඖෂධ වට්ටෝරු භාවිත නොකරන ලෙස ඉල්ලීමක්

කොවිඩ්-19 රෝගී තත්ත්වය සඳහා ගුණදායක බව පවසමින් අන්තර්ජාලය තුළ සංසරණය වන ඖෂධ වට්ටෝරු භාවිතා නොකරන ලෙස දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.  

දේශය වෙදකම තුළ භාවිතා වන අමුද්‍රව්‍ය සහිත වට්ටෝරු අන්තර්ජාලයේ මේ දිනවල විශාල වශයෙන් සංසරණය වන බවත් එම ඖෂධ අත්හදා බැලීම සිදු නොකරන ලෙසත් එම අමාත්‍යාංශය පවසයි.

ආයුර්වේදයේ හා දේශීය වෙදකම තුළ රෝගයක් සඳහා ඖෂධ සකස් කිරීමේ දී ඊට යොදාගනු ලබන අමුද්‍රව්‍ය පිළිබඳ සැලකිලිමත් වීම අත්‍යාවශ්‍ය කරුණක් බව දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. 

තම ශරීර ප්‍රතිශක්තිය වර්ධන උදෙසා දේශීය වෛද්‍ය ප්‍රතිකර්ම භාවිත කළද, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලාබා  දී ඇති මාර්ගෝපදේශයන් ට අනුකූලව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කර ඇති සෞඛ්‍ය උපදෙස් ඒ ආකාරයෙන්ම තවදුරටත් පිළිපැඳීම අත්‍යාවශ්‍ය බව ද එම අමාත්‍යාංශය අවධාරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22 වන ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කතානායක ප්‍රකාශ කරයි

22 වන ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන අතර, එය තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කළ හැකි බව, ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායකවරයා පාර්ලිමේන්තුවට දන්වයි.

නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා

ගුවන් ගමන් පාලන පද්ධති දෝෂයක් නිසා, නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා: විදෙස් මාධ්‍ය.

මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ විශාල නායයෑමක්

මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් ප්‍රදේශයේ ගල් කන්ද පෞද්ගලික වතුයායේ සිදුවූ විශාල නායයෑමක් හේතුවෙන්, ඊට ඉහළින් පිහිටි වතු නිවාස පෙළක පදිංචිකරුවන් වහාම ක්‍රියාත්මක වන...

සජිත් අනෝජන් සමග දුරකථනයෙන් කතාකරයි

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන්ගේ දෙමාපියන් අද (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා. ඒ කොළඹ පිහිටි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img