Thursday, July 30, 2026
HomeNEWSතැපැල් සේවයෙන් භාණ්ඩ නිවසටම

තැපැල් සේවයෙන් භාණ්ඩ නිවසටම

වටිනාකම ගෙවා භාරදීමේ තැපැල් සේවාව තවදුරටත් වැඩිදියුණු කිරීමට පියවර ගෙන ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කළේ මීට පෙර අදාළ ක්‍රමය යටතේ භාණ්ඩහිමියා තැපැල් කාර්යාලයට පැමිණ භාණ්ඩයට මුදල් ගෙවා ලබාගත යුතුව තිබු බවය.

නමුත්, නව ක්‍රමවේදය යටතේ භාණ්ඩය ප්‍රවහන ගාස්තු සහිතව ලබන්නාගේ නිවසට ගොස් භාරදීමට සැලසුම් කර ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කරයි.

“තැපැල් දෙපාර්තමේන්තුව මෙතෙක් භාවිත කළ සමහර සේවාවන් වැඩිදියුණු කළ සේවාවන් බවට පරිවර්තනය කරමින් පවතිනවා. ඒ අනුව VPP ක්‍රමය හෙවත් වටිනාකම ගෙවා පාර්සල් භාරදීමේ ක්‍රමවේදය තවදුරටත් වැඩිදියුණු කරලා කෑෂ් ඔන් ඩිලිවරි  (COD) ක්‍රමවේදයට පිවිසිලා තිබෙනවා. මෙහිදී යවන්න විසින් තැපැල් ගාස්තුව පමණයි ගෙවිය යුත්තේ. ලබන්නා විසින් නිවසටම භාණ්ඩය ගෙනවිත් භාරදුන්නාට පසු ඒ අදාළ ගාස්තුව ගෙවිය යුතුයි,” යනුවෙන් ද තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි සියලුම ජන කොටස් එකම පුද බිමකට කැඳවන මෙම ඓතිහාසික අවස්ථාව අපේ රටේ ජාතික අනන්‍යතාව...

ජනවරම ලැබුණේ අධිකරණය විධායකයේ අතකොළුවක් කරගන්න නොවෙයි- විපක්ෂ නායක සජිත්

රජයට වරම් ලැබුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න මිස ගරු අධිකරණය විධායකයේ අතකොළුවක් කර ගන්න නොවේ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ ක්‍රමයේ වෙනසක්...

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම දැනටමත් ප්‍රමාදයි-ජනවරමේ නීතිඥයෝ

ජනවරමේ නීතිඥයෝ සංවිධානයේ මාධ්‍ය හමුව 2026 ජූලි 28ලෝකයේ අනෙක් රටවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම එක්ක බලන විට,ලංකාව දැනටමත් ප්‍රමාදයි…නීතිඥ අකලංක උක්වත්තජනවරමේ නීතිඥයෝ...

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට විරුද්ධව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒකමතිකව යෝජනාවක් සම්මත කරගනී

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ අදූරදර්ශී යෝජනාවට නීති ක්ෂේත්‍රයේ සියලුදෙනා විරුද්ධ බව නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පවසයි. අද (29) උදෑසන 11 පමණ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img