Friday, October 30, 2026
HomeNEWSඅද (15) පස්වරුවේ කොළඹ ධර්මායතනය වෙත ගිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ...

අද (15) පස්වරුවේ කොළඹ ධර්මායතනය වෙත ගිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  පූජ්‍යපාද ඇල්ලේ ගුණවංශ හිමිපාණන් බැහැදුටුවේය.

අද (15) පස්වරුවේ කොළඹ ධර්මායතනය වෙත ගිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  පූජ්‍යපාද ඇල්ලේ ගුණවංශ හිමිපාණන් බැහැදුටුවේය.

  සුචරිතය මුල් කරගෙන ඉදිරියේ දී සමාජ සංස්කෘතික පුණර්ජීවනයක් සිදු කිරීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා උන් වහන්සේට සිහිපත් කළ අතට ඒ සදහා උන් වහන්සේගේ ආශිර්වාදය ලබා දෙන ලෙසද ඉල්ලා සිටියේය.
යහපත් කටයුතු වෙනුවෙන් නොපැකිලව තම ආශිර්වාදය හිමිවන බව එහිදී ඇල්ලේ ගුණවංශ නාහිමිපාණන්වහන්සේ පැවසූ අතර සුචරිත ව්‍යාපාරය පිළිබඳව සිය ප්‍රසාදය ද පල කළේය.
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා පිළිබඳව ද සිහිපත් කළ උන් වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ එතුමා ජනතාවාදී නායකයෙක් බවය.
ජාතිවාදය තමන්ද පිටුදකින බව පැවසූ නාහිමිපාණන්වහන්සේ , මේ රටේ සියලු ජනයා සාමයෙන් හා සංහිදියාවෙන් ජීවත් විය යුතු බවද කීය.
දේශපාලනීකරණය නොවූ බුද්ධි මණ්ඩලයක උපදෙස් සහ සම්පත් දායකත්වය තුලින් රටේ ඉදිරි ගමන වෙනුවෙන් අවශ්‍ය උපදෙස් තමාට ලැබෙන බවත් විශේෂයෙන්ම රටට උවදුරක් එන්නට පෙර ඒ පිළිබඳව දැනුවත් වීම සහ දැනුවත් කිරීම සදහා ඔවුන්ගේ දායකත්වය ඉවහල් වූ බවත් මෙහිදී විපක්ෂ නායකයා සිහිපත් කළේය.
කොරෝනා ව්‍යසනය ගැන විපක්ෂය ලෙස තමා මුලින්ම රටට  කියන විට  බොහෝ දෙනෙක් ඒ පිළිබඳව දැනුවත්ව නොසිටි බවද හෙතෙම පැවසීය. අද මුලු ලෝකයම කොරෝනා එන්නත ගැන විමසිලිමත් නමුත් අපේ රටේ තත්ත්වය කනගාටුදායක බවද ඒ මහතා කීය.
ජාති,ආගම් වැනි පටු භේද වලින් මිදී එකම රටක එකට සහෝදරත්වයෙන් ජීවත් වීම සිය දේශපාලන බලවේගයේ ප්‍රාර්ථනාව බව පැවසූ විපක්ෂ නායකයා තවදුරටත්  බෙදී වෙන් වීමෙන් රටට උදාවන යහපතක් නැතැයිද කීය.
බුද්ධිය,දැණුම,තොරතුරු සහ නව තාක්ෂණය පදනම් කරගත් ගමනක් යා යුතු බව තමාගේ මෙන්ම සමගි ජනබලවේගයේ ස්ථාවරය බවත්,ඒ උදෙසා මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා අත්‍යාවශ්‍ය බවත් කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මුතුරාජවෙල, මීගමුව කලපුව හා ගම්පහ දිස්ත්‍රික්කය ආශ්‍රිත පාරිසරික ගැටලු ගැන අවධානය

මුතුරාජවෙල, මීගමුව කලපුව හා ගම්පහ දිස්ත්‍රිකකය ආශ්‍රිත පාරිසරික ගැටලු සොයා බැලීමේ සාකච්ඡාවක් මුතුරාජවෙල, මීගමුව කලපුව හා ගම්පහ දිස්ත්‍රික්කය ආශ්‍රිත පාරිසරික ගැටලු සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති...

“බයිනෑන්ස්” සමාගමේ ඩො:බි: 6.3 ක මුදලක් හැකර්වරුන් සොරා ගැනේ

ක්‍රිප්ටො මුදල් හුවමාරු ජාලයක් වන "බයිනෑන්ස්" සමාගමේ ඩො:බි: 6.3 ක මුදලක් හැකර්වරුන් සොරා ගැනේ. එය මෙතෙක් විශාලතම ක්‍රිප්ටෝ සොරකම ලෙස සැළකෙන අතර, සැකය උතුරු...

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය සැප්තැම්බර් 8.0% සිට ඔක්තෝම්බර් 8.3% දක්වා ඉහළට. ආහාර උද්ධමනය 8.8% දක්වාත්, ආහාර නොවන උද්ධමනය 8% දක්වාත් ඉහළ යයි:...

ලෝක ප්‍රකට රංගන ශිල්පී පැට්‍රික් ස්ටුවර්ට් අභාවප්‍රාප්ත වෙයි

"ස්ටාර් ට්‍රැක් ද නෙක්ස්ට් ජෙනරේෂන්" චිත්‍රපටයේ කැප්ටන් ජොං -ලූක් පිකාඩ් සහ "එක්ස්-මෙන්" චිත්‍රපටවල මහාචාර්ය චාල්ස් එග්සේවියර් ලෙස රඟපෑ බ්‍රිතාන්‍ය රංගන ශිල්පි පැට්‍රික් ස්ටුවර්ට් (86)...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img