Saturday, October 31, 2026
HomeNEWSපළාත් සභා ඉවත් කළ යුතුයි - ඕමාරේ කස්සප හිමි

පළාත් සභා ඉවත් කළ යුතුයි – ඕමාරේ කස්සප හිමි

පළාත් සභා ඉවත් කළ යුතුයි – ඕමාරේ කස්සප හිමි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී ඉන් පළාත් සභා ක්‍රමය ඉවත් කළයුතු බව පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන් පෙන්වා දෙයි.

උන්වහන්සේ පවසන්නේ ජනතාව සෘජුව මධ්‍යම පාලනයට සම්බන්ධ කරගත හැකි වන්නේ පෙර පැවැති ගම්සභා ක්‍රමය මගින් පමණක් බවය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඕමාරේ කස්සප හිමියන් මේ බව ප්‍රකාශ කළේය.

“අලුතෙන් හදන ව්‍යවස්ථාවේදී අනිවාර්යයෙන්ම මේ පළාත් සභා ඉවත් කරන්න ඕනේ. මේවා සේරම සංස්කරණය කරලා ගම්සභා වගේ ක්‍රමයකට යන්න. අවුරුදු සියදහස් ගණනක් මේ රටේ පැවතගෙන ආපු ක්‍රම පැත්තකටම විසිකරලා දාලා, අලුතෙන් පටන් අරගෙන දැන් පඹගාලක පැටලිලා වගේ වෙලා තියෙනවා. පළාත් සභා මැතිවරණ තියෙනවා කියන්නේ මේ පඹගාල තවත් පැටලෙන එකයි,” යනුවෙන් ද පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන් පෙන්වා දුනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පරපුර දෙකක් නියෝජනය වන සාමාජිකත්වය ප්‍රවර්ධනය කළ පළමු පක්ෂය එජාපයයි- සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ Gen Z UNP යන පරම්පරා දෙකෙහි නියෝජිකත්වය අද (30) නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබීය. පිටකෝට්ටේ...

මුතුරාජවෙල, මීගමුව කලපුව හා ගම්පහ දිස්ත්‍රික්කය ආශ්‍රිත පාරිසරික ගැටලු ගැන අවධානය

මුතුරාජවෙල, මීගමුව කලපුව හා ගම්පහ දිස්ත්‍රිකකය ආශ්‍රිත පාරිසරික ගැටලු සොයා බැලීමේ සාකච්ඡාවක් මුතුරාජවෙල, මීගමුව කලපුව හා ගම්පහ දිස්ත්‍රික්කය ආශ්‍රිත පාරිසරික ගැටලු සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති...

“බයිනෑන්ස්” සමාගමේ ඩො:බි: 6.3 ක මුදලක් හැකර්වරුන් සොරා ගැනේ

ක්‍රිප්ටො මුදල් හුවමාරු ජාලයක් වන "බයිනෑන්ස්" සමාගමේ ඩො:බි: 6.3 ක මුදලක් හැකර්වරුන් සොරා ගැනේ. එය මෙතෙක් විශාලතම ක්‍රිප්ටෝ සොරකම ලෙස සැළකෙන අතර, සැකය උතුරු...

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය සැප්තැම්බර් 8.0% සිට ඔක්තෝම්බර් 8.3% දක්වා ඉහළට. ආහාර උද්ධමනය 8.8% දක්වාත්, ආහාර නොවන උද්ධමනය 8% දක්වාත් ඉහළ යයි:...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img