Sunday, September 13, 2026
HomeNEWSගාල්ල කොට්ඨාසයේ පාසල් තවදුරටත් වැසේ

ගාල්ල කොට්ඨාසයේ පාසල් තවදුරටත් වැසේ

ගාල්ල අධ්‍යාපන කොට්ඨාසය තුළ පාසල් තවදුරටත් වසා තැබීමට තිරණය කර ඇති බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් රංජිත් යාපා මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් පාසල් 23 ක් මෙලෙස වසා දමා ඇති අතර ලබන වසරේ සිට එම පාසල්වල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු රංජිත් යාපා මහතා,

“දකුණු පළාත් කොවිඩ් කළමනාකරණ කමිටුව ලබන සතිය සඳුදා සිට බදාදා දක්වා ගාල්ල කොට්ඨාසයේ පාසල් නැවතත් වසා තැබීමට තීරණය කළා. බදාදා දින දක්වා පමණයි මේ වාර්යේ පාසල් පැවැත්වෙන්නේ. බදාදා දින සිට වර්ෂ අවසාන නිවාඩු ආරම්භ වෙනවා. ඒ අනුව ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් නැවත ආරම්භ කරන්නේ 2021 වසරේ නව පාසල් වාරය ආරම්භ කිරීමත් සමගයි. දැනට ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ කොවිඩ් තත්ත්වය කිසියම් ආකාරයකට පාලනය කර ඇති බව අපට සෞඛ්‍ය අංශ දැනුම් දීලා තියෙනවා. ඒ වගේම මෙම කොට්ඨාසයේ පාසල් දරුවන්ට පාසල් පෙළ පොත් ලබා දුන්නේ නෑ මේ දක්වා. ඒ සඳහා ළමුන් සහභාගි කර නොගෙන දෙමාපියන් සහභාගි කරගෙන යම් වැඩපිළිවෙලක් දියත් කරන ලෙස අදාළ පාසල්වලට දැනුම් දුන්නා.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වංචනිකයින්ට දූෂිතයින්ට කිසිදු සමාවක් නෑ- ජනපති පොළොන්නරුවේදී අවධාරණය කරයි

ආණ්ඩුව කිසිඳු සාකච්ඡාවකට හෝ සමාවකට සූදානම් නොමැති කරුණු දෙකක් පවතින බවත්, ඉන් එකක් පාතාලය බව ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ,...

දකුණු සවුදි අරාබියේ ෂරූරා හමුදා කඳවුරට හූති සටන්කාමීන්ගෙන් ප්‍රහාරයක්

දකුණු සවුදි අරාබියේ ෂරූරා හමුදා කඳවුරට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කළ බව ඉරාන සහය ලබන යේමනයේ හූති සන්නද්ධ කණ්ඩායම ප්‍රකාශ කරයි: විදෙස් මාධ්‍ය.

රතු මුහුදු වෙරළ තීරය අත්පත් කරගනිමින් හවුති කැරළිකරුවන් දුබාබ් නගරයට ළඟා වෙයි

හවුති කැරළිකරුවන් පෙරිම් දූපත ඉදිරිපිට දුබාබ් නගරයට ළඟා වෙයි. ගෝලීය සමුද්‍ර වෙළඳාමෙන් 10 - 12% ක පමණ මෙහෙයුම් වන බාබ් අල්-මන්ඩාබ් සමුද්‍ර සන්ධිය දෙපසත්...

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img