Sunday, September 13, 2026
HomeNEWSවැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් කොළඹින් - කළුතරිනුත් 120ක්

වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් කොළඹින් – කළුතරිනුත් 120ක්

ඊයේ දිනයේ දී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 618ක් හඳුනාගත් අතර ඉන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම පිරිස 241ක් වන අතර, කළුතරින් ආසාදිතයින් 120ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 99ක් හා ආසාදිතයින් 158 දෙනා සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබේ.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිසක් ලෙස 31 දෙනෙක් බොරැල්ලෙන් වාර්තා වී ඇත.

මේ අතර, ග්‍රෑන්ඩ්පාස් 30ක්, කොම්පඤ්ඤවීදියෙන් 28ක්, වැල්ලවත්තෙන් 27ක්, මට්ටක්කුලියෙන් 23ක්, මරදානේ 17ක්, බ්ලූමැන්ඩල් 16ක්, දෙමටගොඩ 8ක්, වැල්ලම්පිටියෙන් හා දෙහිවලින් 5ක්, රත්මලාන, මොරටුව, කොල්ලුපිටිය හා කිරුළපනින් ආසාදිතයින් 4 බැගින් ද , අලුත්කඩේ, අඟුලානෙන් හා හංවැල්ලෙන් ආසාදිතයින් තිදෙනා බැගින් ද , පුවක්පිටිය, ගල්කිස්ස, කළුබෝවිල හා ගොතටුවෙන් ආසාදිතයින් දෙදෙනා බැගින් ද, කුරුදුවත්ත, අතුරුගිරිය, හඳපාන්ගොඩ, කොස්ගම, නාවල, රද්දොළුගම හා රාජගිරියෙන් එක් ආසාදිතයා බැගින් ද වාර්තා වී තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් මහර ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.

ඒ ආසාදිතයින් 44ක් ලෙසය. මීට අමතරව වේයන්ගොඩ ප්‍රදේශයෙන් ආසාදිතයින් 29 දෙනෙක් ද වාර්තා වී තිබේ.

මේ වන විට මෙරට සමස්ත ආසාදිතයින් ගණන 36,667ක් වන අතර සුවය ලැබු සමස්තය 27,552කි.

කොවිඩ් මරණ 171ක් ලෙස වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉන්දුනීසියානු මගී නෞකාවක් ජාවා මුහුදේදී අනතුරකට

පුද්ගලයින් 243 දෙනෙකු රැගත් ඉන්දුනීසියානු මගී නෞකාවක් ජාවා මුහුදේදී අතුරුදන්; 140 ක් සොයා මෙහෙයුම්; 103 දෙනෙකු බේරා ගැනේ; ඉන් එක් අයෙකු මිය යයි: විදෙස්...

වංචනිකයින්ට දූෂිතයින්ට කිසිදු සමාවක් නෑ- ජනපති පොළොන්නරුවේදී අවධාරණය කරයි

ආණ්ඩුව කිසිඳු සාකච්ඡාවකට හෝ සමාවකට සූදානම් නොමැති කරුණු දෙකක් පවතින බවත්, ඉන් එකක් පාතාලය බව ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ,...

දකුණු සවුදි අරාබියේ ෂරූරා හමුදා කඳවුරට හූති සටන්කාමීන්ගෙන් ප්‍රහාරයක්

දකුණු සවුදි අරාබියේ ෂරූරා හමුදා කඳවුරට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කළ බව ඉරාන සහය ලබන යේමනයේ හූති සන්නද්ධ කණ්ඩායම ප්‍රකාශ කරයි: විදෙස් මාධ්‍ය.

රතු මුහුදු වෙරළ තීරය අත්පත් කරගනිමින් හවුති කැරළිකරුවන් දුබාබ් නගරයට ළඟා වෙයි

හවුති කැරළිකරුවන් පෙරිම් දූපත ඉදිරිපිට දුබාබ් නගරයට ළඟා වෙයි. ගෝලීය සමුද්‍ර වෙළඳාමෙන් 10 - 12% ක පමණ මෙහෙයුම් වන බාබ් අල්-මන්ඩාබ් සමුද්‍ර සන්ධිය දෙපසත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img