ආසාදිතයින් 415කට සුවයි
අද (21) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 415ක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 28,682ක් වේ.
අද දිනය වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 37,261ක් වාර්තා වී තිබේ.
රෝහල්ගත රෝගීන් ගණන 8403කි.






















