Monday, September 14, 2026
HomeNEWSබ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදය මෙරටට ආවොත් ?

බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදය මෙරටට ආවොත් ?

මහා බ්‍රිතාන්‍යයේ තුළ පැතිර යමින් පවතින නව වෛරස් ප්‍රභේදය මෙරටට පැමිණීම වැළැක්වීම සඳහා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

කෙසේවෙතත් යම්කිසි ආකාරයකින් එම වෛරසය මෙරටට ඇතුළු වුවහොත් වාර්තා වන ආසාදිතයින්ගේ විශාල වැඩිවීමක් සිදුවිය හැකි බවද ඔහු සඳහන් කළේය.

අද (22) උදෑසන කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව පැවසීය.

“මේ අවස්ථාවේ දී අපට වාර්තා වෙනවා කොවිඩ් – 19 වෛරසයේ නව ප්‍රභේදයක් පැතිරෙන බවට. ඒ ප්‍රභේදය කලින් වෛරසය පැතුරන වේගයට වඩා සියයට 70ක වේගයෙන් පැතිරෙන බවට තොරතුරු ලැබී තිබෙනවා. විශේෂයෙන් බටහිර සමහර රටවල් මේ අවස්ථාව වන විටත් මහා බ්‍රිතාන්‍යයට සංචරණ සීමා පනවලා තියෙනවා. ඒ වගේම අපිත් ඉතාමත්ම විමසිල්ලෙන් මේ තත්ත්වය පිළිබඳව පසුවෙනවා. ලංකාවටත් මහා බ්‍රිතාන්‍යයේ සිට සංචාරකයින් පැමිණෙනවා. ඒ වගේම යුරෝපයේ සිට පැමිණෙනවා. යම්කිසි ආකාරයකින් මේ වෛරසය අපේ රටට ඇතුළු වුවහොත් කොහේ හෝ තිබුණ අඩුපාඩුවක් නිසා විශාල රෝගීන් ප්‍රමාණයක් අප රට තුළ වාර්තා වෙයි. ඒ වගේම රෝගීන් සඳහා ඇඳන් සෙවීම, ඒ වගේම දැඩි සත්කාර ඒකක සකස් කිරීම දුෂ්කර වෙන්න පුළුවන්. ඒ නිසා මේ වෛරසයේ අලුත් ප්‍රභේද අප රට තුළට ඇතුළු වීමට තියෙන සියලුම ඉඩකඩ ඇහිරීම මේ අවස්ථාවේ දී කළ යුතුයි.“

එම මාධ්‍ය හමුවට එක්වූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස කරුණු පැහැදිලි කළේය.

“තාක්ෂණික කමිටු තියෙනවා මේ සම්බන්ධයෙන් කටයුතු කරන. ඒ විද්වතුන් මේ පිළිබඳ අධ්‍යයනය කරලා ඒ අනුව ශ්‍රී ලංකාවට මේ අලුත් වෛරසය පිළිබඳ යථා තත්ත්වය හරියටම අවබෝධ කරගෙන එවැනි දෙයක් තිබේ නම් ඒ හරහා ලංකාවට කොයි ආකාරයට ද ඒක බලපාන්නේ කියන එක විද්වතුන් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට තොරතුරු ලබා දෙයි. ඔවුන් විසින්ම ගතයුතු ක්‍රියාමාර්ගත් නිර්දේශ කරයි. ඒ අනුව අමාත්‍යාංශය කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.“ 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22ට එරෙහිව සජබ 24 කොළඹට – විපක්ෂ නායක සජිත්

22ට එරෙහිව සජබ 24 කොළඹට - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජනතා පෙළගැස්මක් සහ සාමකාමී උද්ඝෝෂණයක් ක්‍රියාත්මක කරන්න සැප්තැම්බර්...

මුදල් විශුද්ධිකරණ නඩුවක සැකකරුවකු ලෙස නාමල් රාජපක්ෂ නම් කරයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව පවතින මුදල් විශුද්ධිකරණ නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තර සංවිධාන 3කට පැමිණිලි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය (IPU), පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය (CPA) සහ එක්සත්...

ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාවට ලකුණු 72ක ජයක්

කාන්තා ආසියානු කුසලානය 2026: ලකුණු 72 කින් ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව ශූරතාව දිනා ගනී. ඉන්දියා:183/5 (20), ශ්‍රී ලංකා:111 (20), චමරි:36, නිලක්ෂිකා:22, ශ්‍රී චරණී:4/20, දීප්ති:19/3.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img