කොළඹ දිස්ත්‍රික්කයේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණය අද (24) උදෑසන 6.00 සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට පියවරගෙන තිබේ.
මේ අතර ත්‍රීකුණාමලය අභයපුර ග්‍රාමනිලධාරී වසම සහ ජින්නානගර් ප්‍රදේශයත් අද උදෑසන 6.00 සිට හුදකලා කිරීමට තීරණය කර තිබේ.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද උදෑසන දෙරණ අරුණ වැඩසටහන සමග සම්බන්ධවෙමින් මේ බව පැවසීය.






















