Sunday, August 2, 2026
HomeNEWSසෞඛ්‍ය උපදෙස් නොතැකූ බස් 50ක බලපත්‍ර අත්හිටුවයි

සෞඛ්‍ය උපදෙස් නොතැකූ බස් 50ක බලපත්‍ර අත්හිටුවයි

සෞඛ්‍ය උපදෙස් නොතැකූ බස් 50ක බලපත්‍ර අත්හිටුවයි

නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළ බස්රථ 50ක පමණ ධාවන බලපත්‍ර තාවකාලිකව අත්හිටුවා තිබේ.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ, සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන බස්රථ පිළිබදව අඛණ්ඩව සොයාබැලීම් සිදුකරන බවය.

මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මෙම අදහස් පළ කළේය.

“මේ අවස්ථාවල දී යම් යම් ඩිපෝවල එක්කෙනෙක් දෙන්නෙක් ආසාදනය වෙච්ච තත්ත්වයන් තිබුණා. දකුණු ඩිපෝවෙත් වුණේ ඒකයි. අපිට 68 දෙනෙක් රියදුරු කොන්දොස්තරවරු නිරෝධායනයට යොමුකිරීමට සිදුවෙලා තියෙනවා. නමුත් මේ අය පෞද්ගලික සංචාර ගිහින් කොවිඩ් වැළඳිලා නෙමෙයි ජනතාවට සේවය සපයමින් සිටිය දී මේ තියෙන තත්ත්වයට මුහුණ දෙන්න සිදුවෙලා. ඉතින් අපි විශේෂයෙන්ම ආරක්ෂිතව මගීන් ප්‍රවාහනයට උපදෙස් දීලා තියෙනවා. ලංගමය අකුරට පිළිපඳිනවා. පෞද්ගලික අංශයේත් සියයට 90ක් ඒ උපදෙස් පිළිපඳිනවා. පිළිපඳින්නේ නැති අයගේ බලපත්‍ර මේ වන විට 50 කට ආසන්න ප්‍රමාණයක් අපි තහනම් කරලා තියෙනවා. කවදා හෝ කොවිඩ් මේ ලෝකයෙන් තුරන් වු දාට තමයි අපි ඒ බලපත්‍ර ලබලා දෙන්නේ.“

මේ අතර ලබන ජනවාරි මාසයේ සිට රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ආරම්භ කරන බව දිලුම් අමුණුගම මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සංචාරක කර්මාන්තය නැංවීමට 2027 සිට දිස්ත්‍රික්ක වෙත සෘජු අරමුදල්-ඇමති විජිත

​සංචාරක කර්මාන්තය නැංවීමට 2027 සිට දිස්ත්‍රික්ක වෙත සෘජු අරමුදල් සහ අම්පාරට විදේශ සේවා කාර්යාංශයේ ප්‍රාදේශීය කාර්යාලයක් - අමාත්‍ය විජිත හේරත් ​අම්පාර දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තයේ පවතින...

ආණ්ඩුවට එරෙහිව දයාසිරිගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පසුගියදා...

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කෙරේ

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති පොලීසිය පවසයි. සියලු රැඳවියන් මේ වනවිට ඔවුන්ගේ සිරමැදිරි වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති...

රුමේෂ් තරංගට හෙල්ල විසි කිරීමෙි ඉසව්වේන් රන් පදක්කම

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල 2026: ශ්‍රී ලංකාවෙි රුමේෂ් තරංග හෙල්ල විසි කිරීමෙි ඉසව්වේ රන් පදක්කම දිනා ගනී. දක්ෂතාව මීටර 89.75 ක්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img