Sunday, August 2, 2026
HomeNEWSබස්නාහිරින් පිටවෙන්න ගිය තවත් පිරිසකට කොවිඩ්

බස්නාහිරින් පිටවෙන්න ගිය තවත් පිරිසකට කොවිඩ්

බස්නාහිරින් පිටවෙන්න ගිය තවත් පිරිසකට කොවිඩ්

බස්නාහිර පළාතෙන් පුද්ගලයින් පිටව යෑමේ දී සිදුකෙරුණු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් ඊයේ (29) දිනයේ දී 13 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

ස්ථාන 11ක දී සිදුකරනු ලබන පරීක්ෂණ තුළින් එම ආසාදිතයින් හඳුනාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.

ඒ අනුව පසුගිය දෙසැම්බර් මස 18 වන දින සිට සිදුකරනු ලැබු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ 10,986 දෙනෙක් අතරින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 74ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 377 දෙනෙක් මේ වන විට හඳුනාගෙන ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ වන විට හඳුනාගත් ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර තිබේ.

බස්නාහිර පළාතෙන් පිටතට කොවිඩ් වෛරසය පැතිර යෑම වැළැක්වීම සඳහා මෙම පරීක්ෂාවන් සිදුකරනු ලබන බවත් එය ජනවාරී මස 5 දක්වා සිදුකරන ලබන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ අතර, ඊයේ දිනයේ දී කොටුව හා ගාලුමුවදොර ප්‍රදේශවල සිදුකළ අහඹු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ තුළින් ආසාදිතයින් 9 දෙනෙක් හඳුනාගෙන තිබේ.

එමෙන්ම පසුගිය පැය 24ක කාලය තුළ නිරෝධායන රීතින් කඩකල පුද්ගලයින් 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මුහුණු ආවරණ නොපැළඳීම සහ දුරස්ථභාවය පවත්වා නොගැනීම් සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඒ අනුව ඔක්තෝබර් මස 30 වන දින සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීතීන් කඩකල පුද්ගලයින් 1957 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුවේ නොහැකියාව මහරින් යළි පෙන්නුම් කෙරෙනවා- නාමල්

බන්ධනාගාර පද්ධතියකට තාවකාලික පැලැස්තර යෙදීම නතර කර, එම පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට රජය වහා පියවර ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු...

සංචාරක කර්මාන්තය නැංවීමට 2027 සිට දිස්ත්‍රික්ක වෙත සෘජු අරමුදල්-ඇමති විජිත

​සංචාරක කර්මාන්තය නැංවීමට 2027 සිට දිස්ත්‍රික්ක වෙත සෘජු අරමුදල් සහ අම්පාරට විදේශ සේවා කාර්යාංශයේ ප්‍රාදේශීය කාර්යාලයක් - අමාත්‍ය විජිත හේරත් ​අම්පාර දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තයේ පවතින...

ආණ්ඩුවට එරෙහිව දයාසිරිගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පසුගියදා...

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කෙරේ

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති පොලීසිය පවසයි. සියලු රැඳවියන් මේ වනවිට ඔවුන්ගේ සිරමැදිරි වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img