නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ ව පැෆ්රල් සංවිධානයෙන් යෝජනාවලියක්
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව ලබාගත් මහජන අදහස් ඇසුරෙන් සකස්කළ යෝජනාවලියක් “නව ව්‍යවස්ථාවක් සඳහා මහජන අදහස් ලබාගැනීමේ විශේෂඥ කමිටුව”ට ඉදිරිපත් කිරීමට පැෆ්රල් සංවිධානය පියවර ගෙන තිබේ.
ඔවුන් විසින් සකසන ලද යෝජනාවලියේ මැතිවරණ ක්‍රියාවලියට අදාළ ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අන්තර්ගත විය යුතු යෝජනා සඳහා ප්‍රමුඛ අවධානයක් යොමුකර ඇත.
ඒ අනුව, එම යෝජනාවලිය තුළ සෘජුවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට අදාළ කරගත හැකි යෝජනා මෙන්ම ප්‍රජාත්‍රන්ත්‍රවාදී මූලධර්ම ක්‍රියාවට නැංවීමේදී අදාළ වන වෙනත් යෝජනාද අන්තර්ගතව ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි.
පැෆ්රල් සංවිධානය ඉල්ලා සිටින්නේ, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ දී මෙකී යෝජනාද සැලකිල්ලට ගනිමින් පුළුල් ලෙස ජනතා අභිලාෂයන් නියෝජනය වන වඩා දියුණු දැක්මක් සහිත සියල්ලන්ටම එකඟ විය හැකි පොදු මූලධර්ම මත පිහිටා සකස් කරනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සඳහා පියවර ගන්නා ලෙසය.
පැෆ්රල් සංවිධානය විසින් මහජන අදහස් ඇසුරෙන් සකස් කරන ලද යෝජනාවලිය පහතින් දැක්වේ.






















