Wednesday, August 5, 2026
HomeNEWSශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සෑම මිලියනයකටම කොවිඩ් මරණ 9ක්

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සෑම මිලියනයකටම කොවිඩ් මරණ 9ක්

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සෑම මිලියනයකටම කොවිඩ් මරණ 9ක්

මෙරට ජනගහනයෙන් සෑම මිලියනයකටම කොවිඩ් ආසාදිත මරණ 09ක් සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

තවත් මරණ 05 ක් ඊයේ (31) වාර්තා වීමත් සමග මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 200 සීමාව පසු කළේය.

204 ක් වූ එම මරණ අතරින් 191 ක්ම අයත් වන්නේ ඔක්තෝබර් දෙවනදායින් ආරම්භ වූ කොවිඩ් දෙවන රැල්ලටය.

කොවිඩ් දෙවන රැල්ලේ මරණකරුවන්ගේ වයස් සීමා සැලකීමේදී වැඩිම පිරිසක් අයත් වන්නේ වයස අවුරුදු 71 ඉක්මවූ කාණ්ඩයට වන අතර එම මරණ ගණන 91 කි.

වයස අවුරුදු 9 ට අඩු එක් බිළිඳෙක්,වයස අවුරුදු 10 ත් 30 ත් අතර සිව්දෙනෙක්, වයස අවුරුදු 31 ත් 40 ත් අතර පස්දෙනෙක්,වයස අවුරුදු 41 ත් 50 ත් අතර 21 දෙනෙක් සහ වයස අවුරුදු 51 ත් 60 ත් අතර තිස් එක්දෙනෙක් මියගොස් තිබේ.

වයස අවුරුදු 61 ත් 70 ත් අතර ජීවිතක්ෂයට පත්ව ඇති ගණන 38 කි.

වසංගත රෝග විද්‍යා ඒකකය පෙන්වා දෙන්නේ, මෙරට කොවිඩ් මරණ සිදුවන ආකාරය පිළිබඳ සැලකීමේදී ජනගහනයෙන් සෑම මිලියනයකටම මරණ 09 ක් සිදුවීමේ අනුපාතයක් පවතින බවය.

දකුණු ආසියානු කලාපයේ වෙනත් රටවල කොවිඩ් මරණ අනුපාතය පවතින්නේ ජනගහනයෙන් සෑම මිලියනයකටම මරණ 89 ක් ලෙසය.

ගෝලීය තත්ත්වය සැලකිමේදී එය සෑම මිලියනයකටම මරණ 9 ක් ලෙස දැක්වේ.

කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමේ වේගය සැලකිල්ලට ගැනීමේදී මෙරට ජනගහනයෙන් සෑම මිලියනයකටම කොවිඩ් ආසාදිතයින් 1,886 දෙනෙකු හඳුනාගැනෙන බව වසංගත රෝග විද්‍යා ඒකකය පෙන්වාදෙයි.

දකුණු ආසියානු කලාපයේ වෙනත් රටවල කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමේ අනුපාතය පවතින්නේ ජනගහනයෙන් සෑම මිලියනයකටම ආසාදිතයින් 5859 ක් ලෙසය.

ගෝලීය තත්ත්වය සැලකිමේදී එය සෑම මිලියනයකටම ආසාදිතයින් 522 ක් ලෙස දැක්වේ.

මේ අතර, අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 11ක් අද දහවල් සිට හුදකලා තත්ත්වය ක්‍රියාත්මක කර තිබේ.

නුවරඑළිය වටවල ප්‍රදේශයෙන් තවත් ආසාදිතයින් 13 දෙනෙකු ඊයේ හඳුනාගෙන තිබේ.

ආසාදිතයින් වැඩිවශයෙන් වාර්තා වූ වටවල පෞද්ගලික ඇඟලුම් ආයතනයෙන්ද තවත් ආසාදිතයින් සිව්දෙනෙකු හඳුනාගැනීමත් සමග එම ආයතනයෙන් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 62 දක්වා ඉහළ ගියේය.

දැනට එම ආයතනයේ 600 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමුකර සිටී.

මේ අතර, දෙහිඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් තවත් ආසාදිතයින් 16 දෙනෙකු හඳුනාගැනුණු අතර මේ දක්වා එම කොට්ඨාසයෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 340 දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම පොළොන්නරුව කඳුරුවෙල නගරයේ සිදුකළ පීසීආර් පරීක්ෂණ 120 ක් අතරින් 8 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගැනීමත් සමග එම ආසාදිතයින් සේවය කළ නගරයේ වෙළෙඳසැල් කිහිපයක් තාවකාලිකව වසාදැමුණි.

අද දිනයෙත් නගරයේ අහඹු පීසීආර් පරීක්ෂණ 250 ක් පමණ සිදුකිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෙරහැරවලින් අලින් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක්- එජාප සභාපති වජිර

කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ අද (04) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පළ කල අදහස්. විබෞද්ධකරණයට එරෙහිව...

මහර සිදුවීමේ අවශ්‍යතාවය බන්ධනාගාරය කඩාකප්පල් කිරීමයි- අධිකරණ ඇමති පාර්ලිමේන්තුවේදී කියයි

මහර බන්ධනාගාර සිද්ධිය කළ අයගේ අවශ්‍යතාවය වී තිබුණේ බන්ධනාගාරය කඩාකප්පල් කිරීමයි. එවැනි සංවිධානාත්මක කුමන්ත්‍රණකාරින්ට විරුද්ධව පියවර ගන්න පැකිලෙන්නේ නැහැ. ...

නඩු කඩිනම් කිරීමට තේරීම් කාරක සභාවක් ඉල්ලීමේ යෝජනාව කතානායක වෙතට

ගොඩගැසී ඇති නඩු කටයුතු කඩිනම් කිරීමට සමගි ජන බලගයෙන් තේරීම් කාරක සභාවක් ඉල්ල කතානායකවරයාට යෝජනාවක් බාර දෙයි ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ මේ වන විට...

නැගෙනහිර මුහුදු තීරය දින 365ම සක්‍රීය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර

​නැගෙනහිර මුහුදු තීරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ දින 365ම සක්‍රීය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ​ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදු තීරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img