Tuesday, August 4, 2026
HomeNEWSනව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද

2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද (05) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ සඳහා වන සියලු කටයුතු මේ වනවිට සූදානම් කරඇති බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ පරිදි ලබන 08 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.
 
ඒ අනුව අද දිනයේ සාප්පු සහ කාර්යාලීය සේවකයින් පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත ඇතුළු සංශෝධන පනත් කෙටුම්පත් 04ක් විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය.

ලබන 06 වනදා දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන පනත් කෙටුම්පත ඇතුළු සංශෝධන පනත් කෙටුම්පත් 06ක් විවාදයට ගැනීමට නියමිත අතර ලබන 07 වනදා ද සංශෝධන පනත් කෙටුම්පත් 10ක් විවාදයට ගැනීමට නියමිතය.

මීට අමතරව ලබන 06 වනදා පෙරවරු 10.00 සිට පෙරවරු 10.30 දක්වා අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න විමසීම සඳහා කාලය වෙන්කර ඇති බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේය.

එමෙන්ම පාර්ලිමේන්තුවේ සියලු දෙපාර්තමේන්තු සහ කාර්යාල විවෘතව පවතින බවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මාධ්‍යවේදීන්ට පාර්ලිමේන්තු කටයුතු ආවරණය කිරීමට පහසුකම් සලසා ඇති බවද පාර්ලිමේන්තු මහලේකම්වරයා සඳහන් කරයි.

මේ අතර පූජ්‍ය අතුරලියේ රතන හිමි අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදී උන්වහන්සේ මන්ත්‍රී ධුරයේ දිවුරුම්දීම සිදුවන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

පසුගිය මහමැතිවරණයෙන් අපේ ජනබල පක්ෂය විසින් හිමිකර ගන්නා ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා අතුරලියේ රතන හිමිගේ නම ජාතික මැතිවරණ කොමිසම විසින් පසුගිදා ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබුණි.

ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් පළමු වරට 2004 වසරේ පාර්ලිමේන්තුවට තේරිපත් වූ පූජ්‍ය අතුරලියේ රතන හිමි මෙවර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙන්නේ සිව්වන වරටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නඩු කටයුතු කඩිනම් කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලා සජබ අත්සන් තබයි

ගොඩගැසී ඇති නඩු කටයුතු කඩිනම් කිරීමට අදාළ යෝජනා ගැනීමට සමගි ජන බලවේගයෙ තේරීම් කාරක සභාවක් ඉල්ලයි ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ මේ වන විට නඩු...

රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ නිල කාර්යාලය ආරම්භ කිරීම අද

රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ නිල කාර්යාලය ආරම්භ කිරීම අද (04) සිදු කිරීමට නියමිතව තිබේ. ඒ, කොළඹ 07, මලලසේකර මාවතේ පිහිටි කොමිෂන්...

ආරුගම්බේ ‘සන්සෙට් වීව් පාර්ක්’ ඇමති විජිතගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

​ ​ආරුගම්බේ 'සන්සෙට් වීව් පාර්ක්' ව්‍යාපෘතිය අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ.. ​ආරුගම්බේ සංචාරක කලාපයට පැමිණෙන සංචාරකයින් සඳහා අවශ්‍ය සියලුම තොරතුරු සහ සේවාවන් එකම වහලක් යටින් ලබාදීමේ...

අධිකරණ ක්ෂේත්‍රයේ ගැටලු සොයන්න තේරීම් කාරක සභාවක් පත් කරන්න – විපක්ෂ නායක සජිත්

නඩු කටයුතු ප්‍රමාද වීම ඇතුළු අධිකරණ ක්ෂේත්‍රයේ ගැටලු සොයන්න තේරීම් කාරක සභාවක් පත් කරන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය කඩිනමින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img