Tuesday, August 4, 2026
HomeNEWSකොවිඩ් එන්නත මෙරට ජනතාවට දියහැකි දිනය ගැන ඉඟියක්

කොවිඩ් එන්නත මෙරට ජනතාවට දියහැකි දිනය ගැන ඉඟියක්

කොවිඩ් එන්නත මෙරට ජනතාවට දියහැකි දිනය ගැන ඉඟියක්

කොවිඩ් -19 වෛරසය සඳහා වන පළමු එන්නත මෙරටට පුද්ගලයින්ට ලබාදීමට හැකි දින වකවානු පිළිබඳව ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා අනාවරණයක් සිදු කළේය.

ඒ අනුව, ඔහු පවසන්නේ එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර කොවිඩ් -19 වෛරසය සඳහා වන පළමු එන්නත මෙරටට පුද්ගලයින්ට ලබාදීමට හැකි බවය.

ඒ සඳහා වන සාකච්ඡා මේ වනවිටත් අවසන් මට්ටමේ පවතින බවද පෙන්වා දෙයි.

ඊයේ (04) රාත්‍රීයේ ටී.වී දෙරණ ඔස්සේ විකාශය වූ 360 වැඩසටහනට එක්වෙමින් ලලිත් වීරතුංග මහතා මේ බව කියා සිටියේ ය.

“ඉදිරි දිනයකදී මට හරියටම කියන්න පුළුවන් වෙයි. දැන් තියෙන තතත්ත්වය දිහා බැලුවම කියන්න පුළුවන් මේක අඩුගානේ පෙබරවාරි අවසානයේ මාර්තු මුල සතියේ වගේ කාලය තුළ මේ රටේ පටන් ගන්න පුළුවන් කියලා. සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර අනිවාර්යයෙන්ම.”

එන්නත් ලබාදෙන ආකාරය සම්බන්ධයෙන් ද මේ වනවිට සැලසුම් කරඇති බව ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා පැවසීය.

“පළමුවෙන්ම අපි මේ එන්නත ලබා දෙන්නේ ඉදිරිපෙළ වැඩ කරන සෞඛ්‍ය සේවක සේවිකාවන්ට. දැනට ඉන්නවා 155,000ක්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයත් ඒකයි. දෙවනුව ඉදිරිපෙළ ඉන්න ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ පිරිසට මේ එන්නත ලබා දෙනවා. ඒ අය ඉන්නවා 127,500ක්. ජාතික එන්නත්කරන සැලැස්මේ කොටසක් මේක.”

එමෙන්ම එන්නත් ලබාගැනීම සඳහා අවශ්‍යකරන මුල්‍ය සම්පාදන කටයුතු ද මේ වනවිට සිදුකර අවසන් බව ලලිත් වීරතුංග මහතා පැවසීය. එහිදී, “අපේ භාණ්ඩාගාරය මේ සඳහා අවශ්‍ය මුදල් රැස්කරගෙන තිබෙන්නේ,” යනුවෙන් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නඩු කඩිනම් කිරීමට තේරීම් කාරක සභාවක් ඉල්ලීමේ යෝජනාව කතානායක වෙතට

ගොඩගැසී ඇති නඩු කටයුතු කඩිනම් කිරීමට සමගි ජන බලගයෙන් තේරීම් කාරක සභාවක් ඉල්ල කතානායකවරයාට යෝජනාවක් බාර දෙයි ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ මේ වන විට...

නැගෙනහිර මුහුදු තීරය දින 365ම සක්‍රීය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර

​නැගෙනහිර මුහුදු තීරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ දින 365ම සක්‍රීය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ​ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදු තීරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ...

නඩු කටයුතු කඩිනම් කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලා සජබ අත්සන් තබයි

ගොඩගැසී ඇති නඩු කටයුතු කඩිනම් කිරීමට අදාළ යෝජනා ගැනීමට සමගි ජන බලවේගයෙ තේරීම් කාරක සභාවක් ඉල්ලයි ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ මේ වන විට නඩු...

රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ නිල කාර්යාලය ආරම්භ කිරීම අද

රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ නිල කාර්යාලය ආරම්භ කිරීම අද (04) සිදු කිරීමට නියමිතව තිබේ. ඒ, කොළඹ 07, මලලසේකර මාවතේ පිහිටි කොමිෂන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img